Advertisement

HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස පැවතිය හැකියි

නව කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පහව නොගොස්, HIV වැනි නිශ්චිත පුද්ගලයින් කොට්ඨාසයක පැතිරෙන වෛරසයක් ලෙස හෝ පැවතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි.

එම සංවිධානයේ හදිසි අවස්ථා පිළිබඳ විශේෂඥ මයික් රයන් මේ බව ප‍්‍රකාශ කළේ ඔන්ලයින් ක‍්‍රමයට පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
ඒ හේතුවෙන්, නව කොරෝනා වෛරසය කොපමණ කලක් ලොව තුළ සංසරණය වේදැයි ඉදිරිපත් වන සමීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව ද මයික් රයන් එහිදී කියා සිට ඇත.

රෝගය සමග සාර්ථකව කටයුතු කිරීමට නම් ලෝකයට යම් පාලනයක් අවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහිව ලොව පුරා එන්නත් 100 ක් පමණ අත්හදා බලමින් පවතියි.

නමුත්, ඒවා අතරින් වඩාත් ඵලදායී එන්නතක් සොයා ගැනීම දුෂ්කර බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 44 ලක්ෂ 27,543 ක් දක්වාත්, ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 98,059 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති ලොව පුරා පුද්ගලයින් ගණන 16 ලක්ෂ 57,735 ක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements