Advertisement


ගාල්ල අක්මීමන පස්මාලුව ප්‍රදේශයේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍යවරයා සඳහන් කරන්නේ මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වීමට වූයේ කෙසේදැයි මූලාශ්‍රයක් තහවුරු වී නැති බවයි.

මිනුවන්ගොඩ, පෑලියගොඩ, ඩොක්යාඩ් පොකුරුවලට මෙම ආසාදිතයා සම්බන්ධකම් නොදක්වන බව ද ඔහු සඳහන් කළේ ය.

නමුත් ඔහුගේ සහෝදරයා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී නිවසට පැමිණි අයෙක් බවද වෛද්‍යවරයා පැවසීය.

ඔහුගෙන් වෛරසයක් ආසාදනය වූයේ දැයි පරීක්ෂා කරන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements