Featured News

Video Gossip

Advertisement

ස්ටුඩියෝ එකේ වැඩ සුපුරුදු විදිහට කරගෙන යනවා
ඇමරිකාවට ගියේ ව්‍යාපාරික උපාධිය අවසන් කරන්න

මුතු කිරිල්ලී හරහා ඔබ හමුවට ආ නෙහාරාගේ ජීවිතයේ අලූත් අත්දැකීම් සියල්ල මීවිත පාඨක වෙනුවෙන් අපි ඔබට මුලින්ම හෙළිකළා’ මෙවරත් අපි නෙහාරා පීරිස්ගේ අලූත් අත්දැකීමක් මුලින්ම ඔයාලට කියන්නයි යන්න හදන්නේ’ 
කියවලා බලන්නකෝ එ මොකක්ද කියලා’

නෙහාරා මේ දවස්වල විවේකයෙන් කාලය ගත කරනවා කියලා ආරංචියි ?

ඔව්. විවේකයෙන් ඉන්නවා. හැබැයි නෙහාරා ඩාන්ස් ස්ටුඩියෝ එකේ වැඩ සුපුරුදු විදිහට කරගෙන යනවා. කොරෝනා වසංගත අවසන් වුණාට පස්සේ නැවත පන්ති ආරම්භ කළා.

නෙහාරා ඩාන්ස් ස්ටුඩියෝ එකේ වැඩ කරන්නේ කවුද?

මම උගන්වන්නේ නැහැ. වෘත්තීය ගුරු උපදේශකවරු ඇවිත් තමයි වැඩමුළු සහ පන්ති පවත්වන්නේ. හිපොප්, බොලිවුඞ්, කැන්ඩියන්, සුම්බා වගේ පන්ති පැවැත්වෙනවා. එ් වගේම ලලිත් පැරකුම්, මේනකා පීරිස් වගේ ඇය මෙතැන පන්ති පවත්වනවා.

මේක ඇත්තටම ඇකඩමි එකක්ද?

මේක ඇකඩමි එකක් කියනවාට වඩා ස්ටුඩියෝ එකක් කියන්න තමයි කැමැති. මොකද ගොඩාක් අය මෙතැනට ඇවිත් ඔවුන්ගේ පන්ති සහ පුහුණුවීම් සිදුකරනවා. මගේ ස්ටුඩියෝ එකෙන් ගුරුවරුන්ගේ අවශ්‍යතාවයන් තමයි නිතරම ඉටුකරගන්නේ.

ඇයි මේ වගේ වැඩක් පටන්ගන්න හිතුවේ ?

ඇත්තටම දැන් අපි ඇමරිකාවට ගියේ මේනකගේ ව්‍යාපාරික උපාධිය අවසන් කරන්න. ඉතිං අපිට ගොඩක් ආසාවක් තිබුණා ලංකාවට ඇවිත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. 2018 ආවට පස්සේ ස්ටුඩියෝ එකක් පටන්ගන්න අදහස් කළේ නැහැ. රංගන කේෂ්ත‍්‍රයේ වැඩ පටන් අරගෙන ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් මොකකින්ද මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ කියලා අදහස් කළා. එ් ගැන බොහෝ දෙනෙකුගෙන් පවා විමසුවා. එ් වෙලාවේ තමයි අපිට අදහස ආවේ ස්ටුඩියෝ එකක් ආරම්භ කරන්න. අපිට දැන් ස්ටුඩියෝ 1, ස්ටුඩියෝ 2 දෙකක් තියෙනවා. මේ වෙනකොට බොහොම සාර්ථකව වැඩකරගෙන යනවා.

නෙහාරාගේ ස්ටුඩියෝ එකට ලැබෙන ප‍්‍රතිචාර ?

ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මොකද මමත් මේනකත් මිනිස්සුත් එක්ක ගණුදෙනු කරනකොට බොහොම හොඳින් ගණුදෙනු කරනවා. අනික හැමදේම සල්ලිම නෙමෙයි. මිනිස්සු ගැනත් බලන්න එපායැ. හැමපැත්තටම සාධාරණයක් වෙන විදිහට තමයි අපේ ස්ටුඩියේ එකේ වැඩකරන්නේ.

පන්තිවලට නෙහාරාගේ දායකත්වයක් නැත්තේ ඇයි ?

නැහැ. මගේ දායකත්වයක් නැහැ. හැබැයි මම ස්ටුඩියෝ එකට නිතර යැවෙනවා.

නෙහාරාගේ මේනක ගේ කැදැල්ලට අමුත්තෙක් එකතුවෙන්න යනවානේද?

ඔව්. එ් ආරංචිය හරි.

දැන් නෙහාරා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ ?

ඔව්. මම අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. අපි දෙන්නාගේම පවුලේ හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා එ් අවස්ථාව එනකම්.

මේනකගෙන් ලැබෙන්නේ මොනව ගේ සහයෝගයක්ද?

මම ප්‍රෙග්නට් වෙච්ච වෙලේ ඉඳන් මලක් වගේ මාව පරිස්සම් කරනවා. හැමදේම සොයා බලනවා. මුල් කාලයේ මට හරියට අමාරු වුණා. එ් හැම අවස්ථාවකම මේනක මා ගැන සොයා බැලූවා. මට හිතාගන්නවත් බැහැ එ් තරමටම මේනක මාව පරිස්සම් කරනවා. ගෙදරින් ලැබෙන සහයෝගය වචනයෙන් විස්තර කරන්න අමාරුයි.

නෙහාරා කැමැති දුවෙකුටද?

පුතෙකුටද?

එහෙම නැහැ. දෙන්නාගෙන්

ඕනෑම කෙනෙක්.

එතකොට මේනක?

මේනකත් එහෙම තමයි.

ගෙදර තියෙන්නේ මොනවගේ සූදානමක්ද තියෙන්නේ ?

මටයි මේනකටත් වඩා මගේ තාත්තා තමයි නිතර මහන්සිවෙන්නේ. එයා හරියට සූදානම් වෙනවා. තීන්ත එහෙම ගාලා අපේ අලූත එත පැටියා පිළිගන්න තමයි ඉන්නේ. තවම බබා ඉපදිලත් නැහැ, ගෙදර ඉඳලා එනකොට මොනවා හරි අරගෙන එනවා. මගේ තාත්තා පළමු වතාවට තමයි සීයා කෙනෙක් වෙන්නේ. මොකද මල්ලිට තවම බබාලා නැහැ. හැමෝම සූදානම් වෙනවා.

නෙහාරාට සෑහෙන කාලයක් රඟපෑමෙන් ඉවත්වෙන්න වෙයි නේද?

මම එහෙම හිතන්නේ නැහැ. අන්තිමටම මම රඟපෑවේ හේලි ටෙලිනාට්‍යයේ. ඊට පස්සේ සිරස නාලිකාවේ විකාශනය වුණ නිමන්තරා ටෙලිනාට්‍යයට හඬ කැවීම්වලින් දායකවුණා. මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ නැවත විකාශනයක් යළි විකාශනය වෙනවා. ලබන අවුරුද්දේ මම හිතනවා මට මාර්තු මාසයේ විතර ඉඳලා වැඩකරන්න පුළුවන් වේවි කියලා.

අම්මා කෙනෙක් වුණා කියලා රඟපෑමෙන්

සමුගන්න අදහසක් නැතිද?

එහෙම දැනට අදහසක් නැහැ. අම්මා කෙනෙක් වශයෙන් දරුවාට මූලිකත්වය ලබාදෙනවා. දරුවාගේ වැඩ කරන්න නම් කට්ටිය ඉන්නවා. නමුත් දරුවාගේ සියලූ වැඩකටයුතු මගේ අතින් සියල්ල සිදුකරන්න තමයි හිතාගෙන ඉන්නේ.

මේනකගේ වැඩ කටයුතු එහෙම කොහොමද?

ඔහු හරිම කාර්යබහුලයි. මේ දිනවල ඔහු ටෙලිනාට්‍ය හතර පහක වැඩ. අහන් මාලිගා, නාඩි කියන ටෙලිනාට්‍ය දෙක විකාශනය වෙනවා. තවත් ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධවෙලා ඉන්නවා. මගුල් කපුපා කියලා වේදිකා නාට්‍යයකට සම්බන්ධවෙලා ඉන්නවා. ඊට අමතරව ඔහුත් අලූත් වැඩකට සම්බන්ධවෙන්න අදහසක් තියෙනවා.

එතකොට මේනකත් අධ්‍යක්ෂණයට පිවිසෙයිද ?

එ් ගැන ඔහුගෙන් අහලා තමයි දැනගන්න වෙන්නේ. දැනට මම මෙහෙම කියන්නම්. අලූත් වැඩකට අතගහන්න සූදානමින් ඉන්නේ කියලා විතරක් දාන්නකෝ.

කාර්යබහුල අම්මා කෙනෙක් විදිහට මේනකට මොනවගේ සහයෝගයක් ඉදිරියේදී ලබාදිය හැකිද?

මම එ් කාලේ ඉඳන් මේනකටත් කියපු කතාවක් තමයි බබාලා හිටියා කියලා එයා ගේ වැඩවත් එයාගේ වැඩවලට ලබාදෙන උදව්වත් ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ කියලා. සමබරව සියලූම වැඩකටයුතු කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ.

ජීවිතයේ ඉදිරි සැලසුම් ?

අපි දෙන්නාගේම එක ලොකු හීනයක් තියෙනවා. එ් සිහිනය සැබෑ වුණහම කියන්නම්.



දිනේෂ් විතාන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements