Advertisement


මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ ප‍්‍රදේශ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මෙසේ හුදකලා කරන ලද්දේ ප්‍රගතිපුර, වැල්සිරිපුර හා රාහුලපුර යන ප්‍රදේශ බවයි.

එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

දැනට බස්නාහිර පළාතට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සදුදා ඉවත් වුවද මෙම හුදෙකලා කරන ලද ප්‍රදේශයන් ඒ ආකාරයෙන්ම නැවත දන්වන තුරු ක‍්‍රියාත්මක බවද මධ්‍යස්ථානය කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements