Advertisement


විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත යැවූ ලිපිය මාධ්‍ය වෙත නිකුත් නොකර අභ්‍යන්තරව සාකච්ඡා කර විසදා ගැනීමට තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

නව ආණ්ඩුව පිහිටුවීමට කලින් සිටම 19 වන සංශෝධනය ඉවත් කිරීම ගැන සාමූහික තීරණයට පැමිණ තිබුණු බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ පක්ෂ නායකයන් අතර ඒ සම්බන්ධ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවද ඔහු පැවසීය.

එනිසා වීරවංශ මහතාගේ ලිපිය ජනමාධ්‍යවලට නිකුත් නොකර පක්ෂ නායකයන් අතර සාකච්ඡා කර විසඳා ගැනීමට තිබූ බව ද වඩාත් සුදුසු එය බව ද ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements