Advertisement


කුරුඳුවත්ත පොලිසියේ සැරයන්වරයකු කොරෝනා රෝගියකු බවටතහවුරු වීමෙන් රටේ ප‍්‍රභූවරුන් රැසකගේ ආරක්ෂාව තර්ජනයට ලක් වී ඇත. දේශපාලනඥයින් ඇතුළු ප‍්‍රභූවරුන් රැසකගේ ආරක්ෂාව සඳහා කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් 100ක් පමණ අනුයුක්තව කටයුතු කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.

රෝගී සැරයන්වරයා මේ වන විට කළුතර පොලිස් විද්‍යාලයේ ඇති ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

රෝගී සැරයන්වරයාගේ ළඟම ආශ‍්‍රිතයන් කිහිපදෙනකු නිරෝධායනය කළත්, මාර්ග රාජකාරිවල නිරත නිලධාරීන් ඇතුළු පොලිසියේ සියයට 90ක් පමණ නිරෝධායනය නොකර සේවයේ යෙදවීම නිසා මෙම තර්ජනය එල්ල වී තිබේ.

අදාළ සැරයන්වරයාට හටගත් උණ රෝගයක් නිසා පසුගිය 04 දා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා රෝගියකු බවට හෙළි වී ඇත. අනතුරුව ඔහු කළුතර පොලිස් විද්‍යාලයේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමට කටයුතු කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements