Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සම්පූර්ණ ලකුණු ප්‍රමාණය වන 200 න් 200 ලබා සම මුල්තැන ලබාගත් සිසුසිසුවියන් 10 දෙනෙකු වාර්තාවී තිබේ. මෙවැනි වාර්තාවක් පිහිටුවා ඇත්තේ පළමු වරටය. රජයේ චක්‍රලේඛ අනුව පළමු ස්ථාන ලබාගත් අය ප්‍රසිද්ධ කිරීම විභාග කොමසාරිස්වරයාට කළ නොහැකිය. කෙසේ වෙතත් ඊයේ ප්‍රතිඵල නිකුත්වූ වේලාවේ සිට ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් පළමු තැන ලබාගත් සිසුසිසුවියන් ගැන විස්තර ප්‍රසිද්ධ කරන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව වාර්තාවන සම මුල්තැන් ලබාගත් 10 දෙනා ගැන දැනට වාර්තාවන විස්තර හා ඡායාරූප පහත පරිදිය.

1 ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දම්සාරා


රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. සෙනුදි දම්සාරා මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 200 ක් ලබාගෙන දිවයිනේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුවියකි.

ඇහැලියගොඩ දන්දෙණිය පදිංචි මෙම දැරියගේ මව සහ පියා දෙදෙනම ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන අතර තම දියණියගේ ජයග්‍රහණය ගැන එම මව්පියදෙපළ සතුට පළකරති.


2. ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා කරුණාතිලක

3.ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි

4. ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් පෙරමුණේ

5. බණ්ඩාරගම ජාතික පාසල හිනුද සස්මිත ගුණතිලක

6. දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත බණ්ඩාර හේරත්
මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. තෙනුජ මනුමිත සිසුවා මුළු ලකුණු සංඛ්‍යාව වන ලකුණු 200න් 200ම ලබාගෙන දිවයිනේ පළමු වැන්නන් අතරට එක්ව සිටී.

මෙම ශිෂ්‍යයා ඉගෙනුමට මෙන්ම පාසැලේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීද කැපීපෙනෙන දස්කම් දක්වන සිසුවෙකු බව විදයාලයේ විදුහල්පති එච්.සී. රාජපක්‍ෂ මහතා පැවැසීය.

එම සිසු දරුවාගේ පන්ති භාර ගුරුවරයා වන්නේ එස්.ටී. ප්‍රියදර්ශණ මහතාය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාරවරියක වන පද්මා අයිරාංනී උඩගෙදර මහත්මිය සහ එම ආයතනයේම ක්‍ෂේත්‍ර සහකාර නිලධාරියෙකු ලෙස සේවය කරන එච්.එම්. විජේරත්න මහතා සිසුවාගේ මාපිය දෙදෙනා වෙති.


පාසැලෙන් ලබාදුන් අධ්‍යාපනයට අමතරව වෙනත් අධ්‍යාපන උපකාරක පන්ති වලට තම දරුවා සහභාගී නොකළ බව ඔවුහු කීහ. ඉතාමත් සැහැල්ලුවෙන් ඉගෙනීමේ කටයුතුවල නිරතවූ බවද පැවැසූහ.

දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාල පිරිමි දරුවා වන තෙනුජ මනුමිත අනාගතයේ වෛද්‍යවරයෙකුවී රටට සේවය කිරීම සිය අරමුණ බව පවසයි


7.මරදාන සහිරා විද්‍යාලයේ ෆාර්සන් මොහොමඩ් අමාර්
සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි මුස්ලිම් ජාතික සිසුවෙකි.



8.තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන් 

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන් ශිෂ්‍යයා ලකුණු 200න් 200ම ලබා දිවයිනේ පළමුවැන්නා බවට පත්වී ඇත.

තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි තසිඳු කවිෂාන් පළමු ශ්‍රේණියේ සිටම තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ.

තසිඳු කවිෂාන් දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලෙ වැඩිමහල් දරුවා වේ.

විද්‍යාඥයකු ලෙස නාසා ආයතනයේ සේවය කිරීමට ඔහු බලාපොරොත්තු වන බව අප කල විමසීමෙදී ඔහු පැවසුවේය.


9.මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එහාරා යෙත්මිණි ඈපා



10. සිහත් සඳිනු හේවගේ



















gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook