Featured News

Video Gossip

Advertisement


දැනට පනවා ඇති ඇදිරි නීතිය හෙට අලුයම 05.00ට ඉවත් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් තවදුරටත් ප‍්‍රදේශ කිහිපයක්ම හුදෙකලා කිරීම සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

එම ප‍්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් ක්‍රියාත්මක වන බවද හමුදාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව හෙට දිනයේ සිට තව දුරටත් හුදකලා කරන ප‍්‍රදේශ මෙසේය.

කොලඹ දිස්ත‍්‍රික්කය : මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ පොලිසිය, ආදුරුප්පුවිදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල, කෙසේල්වත්ත පොලිස් බලප්‍රදේශ
මෙත්සද සෙවණ. මිහිජය සෙවණ, රන්මුතු සෙවණ, මුවදොර උයන, සිරිසර උයන, NHF යන මහල් නිවාස සංකීර්ණ

ගම්පහ දිස්ත්‍රික්කය : වත්තල, පෑලියගොඩ, සපුගස්කන්ද, කඩවත, රාගම, මිගමුව, පමුණුගම, ජා-ඇල පොලිස් බලප්‍රදේශ

කළුතර : හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය

කුරුණෑගල : කුරුණෑගල මහ නගර සභා පොලිස්බල ප්‍රදේශය, කුලියාපිටිය පොලිස් වසම

කෑගල්ල : මාවනැල්ල, රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements