Featured News

Video Gossip

Advertisement


එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව පෙරේදා (28 දා) මොනරාගලදී පැවැති රැස්වීමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විවේචනය කිරීමත් සමග රැස්වීමට සහභාගිවී සිටි ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායකවරු සහ මන්ත‍්‍රීවරු දැඩි විරෝධය පළ කළහ.
මෙම රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මොනරාගල මහානාම පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයක දී පැවැත්විණි.

මෙම රැස්වීම ඇමතූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විවේචනය කිරීමත් සමග නැගීසිටි සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ජේ. එච්. අනිල් කුමාර මහතා විපක්ෂ නායකවරයා ඇතුළු නායකයන් විවේචනය නොකර පක්ෂය සමගිකර ඉදිරියට ගෙනයා යුතු බවත් එක්සත් ජාතික පක්ෂයට වඩා සමගි ජන බලවේගයට පාක්ෂික ජනතාවගේ කැමැත්ත ඇති බවත් ප‍්‍රකාශ කර සිටියේය.

එබැවින් කළ යුත්තේ සියලූම පාක්ෂිකයන් එකමුතු කර ඉදිරියේදී රජයක් පිහිටුවීමට කටයුතු කිරීම යැයි ද ඔහු කීවේය.

මොනරාගල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අතුල කුමාරසිරි මහතා අදහස් දක්වමින් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සහ පක්ෂයේ නායකත්වය ලබාගෙන පක්ෂය ජයග‍්‍රහණය කරා ගෙන යන ලෙස රුවන් විජයවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.

මෙම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද සහභාගි විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements