Advertisement

වෙඩි තබා මරා දමන බවට පවසලා

බන්ධනාගාරයේ රැුඳවියන්ට සිදු කරනු ලබන බව කියන පහරදීම් සහ රැඳවියන් සතු ජංගම දුරකථන සහ මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම වහා නතර නොකළහොත් තමන් ඇතුළු බන්ධනාගාර නියාමකවරුන් සිව්දෙනකු වෙඩි තබා මරා දමන බවට කිසියම් පුද්ගලයකු ඉකුත් 08 වැනිදා අලූයම දුරකථනයෙන් එල්ලවූ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ජේලර්වරයකු ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබඳව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එදින අලූයම 12.00ත් 1.00ත් අතර කාලයේ තමාගේ පෞද්ගලික ජංගම දුරකථනයට තවත් ජංගම දුරකථනයකින් ඇමතුමක් ලබා ගත් පුද්ගලයකු විසින් මෙලෙස තර්ජනය කළ බව කියමින් අනුරාධපුර බන්ධනාගාරයේ ජේලර්වරයකු වන එච්. එල්. බුද්ධික අමිල හර්ෂණ මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මේ අතර එම තර්ජනය සිදු කළ පුද්ගලයා විසින් අනුරාධපුර බන්ධනාගාරයේ සේවයෙහි නියුතු තවත් නියාමකවරුන්
සිව්දෙනකුගේ නම් ද ප‍්‍රකාශ කරමින් ඔවුන් ද වෙඩි තබා මරා දමන බවට පවසා ඇත.

ඒ අනුව ජේලර්වරයා සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් තමාට තර්ජනය කළ බව කියන පුද්ගලයා විසින් ඇමතුම ලබාගත් ජංගම දුරකථනයේ අංකය ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත. ඒ ඔස්සේ ජේලර්වරය ඇතුළු නියාමකවරුන්ට තර්ජනය කළ පුද්ගලයා හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements