Featured News

Video Gossip

Advertisement

මේ වන විට තරුණිය සිව් මස් ගැබිනියක්

මාස හතක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් ජපන් ජාතික පහළොස් හැවිරිදි තරුණියක අපහරණයට ලක්කර පැහැරගෙන ලංකාවට පැමිණි බව කියන ඇයගේ ශ්‍රී ලාංකික පෙම්වතා සහ එකී ජපන් තරුණිය ඊයේ (25දා) හවස කොච්චිකඩේ පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
මාරවිල, මුදුකටුව ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික පෙම්වතාගේ ඥාති සොහොයුරියකගේ නිවෙසක සැඟව සිටියදී ඔවුන් සොයා ගත් අතර මේ වන විට තරුණිය සිව් මස් ගැබිනියකි.

කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ශ්‍රීනික ජයකොඩි මහතාට ලැබුණු තොරතුරක් මත සැකකාර තරුණ ජෝඩුව රැඳී සිටින මාරවිල, මුදුකටුව ප්‍රදේශයේ නිවෙසට ගිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම තරුණ යුවළ රැඳී සිටින නිවෙසට යන විටත් එහි දොරගුළු දමා තිබූ අතර, නිවැසියන් ‍දොර විවර නොකිරීම නිසා නිලධාරීන්ට එම නිවෙසේ වහලෙන් නිවෙස තුළට බැසීමට සිදුව ඇත.

මෙම තරුණ ජෝඩුව රැඳී සිටින ස්ථාන ගැන හෝඩුවාවල් කියමින් පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරු රාශියක් ලැබී තිබිණි. 

ඒ තොරතුරුවලට අනුව නුවරඑළිය හා කොග්ගල ප්‍රදේශයේ හෝටල් හා නවාතැන් කිහිපයක් සෝදිසි කළ ද තරුණ යුවළ සොයා ගැනීමට පොලිසියට නොහැකි විය.

මේ අතර, ඊයේ (25) හවස සැකකාර තරුණ පෙම්වතාගේ මස්සිනා කෙනෙකු හා ඔහුගේ මව පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කර ඔවුන්ගේ ජංගම දුරකතනය ඔස්සේ විමර්ශන සිදුකරන ලදී.

ඒ අතරතුර ස්ථානාධිපතිවරයාට එක්තරා කාන්තාවක් දුරකතනයෙන් කතා කර කීවේ මෙවන් තරුණ යුවළක් මුදුකටුව ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටින බවය. ඒ තොරතුරු හා සැකකාර පෙම්වතාගේ ඥාතීන්ගේ දුරකතන පණිවුඩ ඔස්සේ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව තරුණ යුවළ සිටි තැන තහවුරු වීමත් සමග පොලිස් කණ්ඩායම මුදුකටුව ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

තම දියණිය ජපානයේ සිට ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් පැහැරගෙන යනු ලැබූ බවට ජපන් ජාතික ළාබාල තරුණියගේ මව 2020 මාර්තු මස වන දා කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. 

ඇය පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ තම දියණිය සතු ලක්‍ෂ 10කට ආසන්න මුදලක් ද සමග ශ්‍රී ලාංකික තරුණයා තම දියණිය ජපානයේ සිට පැහැරගෙන ගොස් ඇති බවය.

15 හැවිරිදි දියණිය ශ්‍රී ලංකාවට රැගෙන ගිය බව දැන ගත් ජපන් ජාතික මව වහා මේ බව ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයට දැනුම් දීමක් කර ඇත. පසුව එම කාර්යාලය මේ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කර තිබේ. 

පසුව මෙරට පෙම්වතා හා ජපන් පෙම්වතිය ඔවුන්ගේ භාරයට ගෙන පෙම්වතිය පමණක් ඔවුන් රඳවාගෙන පෙම්වතා මුදාහැර තිබිණි. පසුව ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ උපදෙස් මත ළාබාල ජපන් තරුණිය කොච්චිකඩේ, පළඟතුරේ ප්‍රදේශයේ හෝටලයක රඳවා තබා ඇත. ඒ, සැකකාර පෙම්වතාගේ නැඟණිය ද සමගය. ඒ, ජපානයේ සිට තරුණියගේ මව ශ්‍රී ලංකාවට පැමිණෙන තුරුය.

නැඟණියගෙන් මේ බව දැනගත් පෙම්වතා එදින ම සවස ජපන් තරුණිය ද රැගෙන මෝටර් රථයකින් එතැනින් පළාගොස් තිබේ.

පසුව ජපන් තරුණියගේ මව මෙරටට පැමිණ සිය දියණිය සොයා එම හෝටලයට ගිය ද ඇය ඒ වන විටත් සිය පෙම්වතා සමග අතුරුදන් වී තිබිණි. ඇය කොච්චිකඩේ පොලිසියට ඒ බව පැමිණිලි කර ඇත්තේ ඉන්පසුව ය.

සැකකාර යුවළ කොච්චිකඩේ පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කළේ සැකකාර පෙම්වතාගේ දෑතට පමණක් මාංචු දමා තිබියදීය. ජපන් තරුණිය ඔහුගෙන් මොහොතකටවත් ඉවත් වීමට අකැමැත්ත පළ කළාය.

මෙහිදී කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා තරුණ යුවළට කරුණු පහදා දෙමින් පෙම්වතියගේ මවගේ පැමිණිල්ලක් මත මෙවන් ක්‍රියාවක් සිදු කළ බව ද කීවේය.

මාර්තු මස මෙරටට පැමිණි මෙම යුවළ නාවලපිටිය, ත්‍රිකුණාමලය හා මිනුවන්ගොඩ ප්‍රදේශවලත් සැඟව සිට ඇත. ඇය ගැබිනියක් බව දැන ගැනීමත් සමග ජපන් තරුණිය මාතෘ සායනය සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගොස් ඇත්තේ කාටත් ඇය ජපන් තරුණියක් සේ නොහැඟෙන පරිදි බුර්කාවක් පැළඳි මුස්ලිම් තරුණියකගේ ආකාරයකටය.

මොවුන් දෙදෙනාට සැඟව සිටීමට සැකකාර තරුණයාගේ පාර්ශ්වයෙන් සහය දී ඇති බව පවසන කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුනට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව ද පැවසීය.

ගේම් සෙල්ලම් කරල සල්ලි හොයන්න මෙන්න තැනක් - මෙතනින්  Register වෙන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements