Advertisement


කොරෝනා වෛරසය ආසාදන වී සුවය ලැබීමෙන් පසු නිවසට යාම සඳහා සූදානම් වෙමින් සිටි පුද්ගලයෙකු හෘදයාබාධයක් වැළදී මියගොස් තිබේ.

හම්බන්තොට කොරෝනා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇත්තේ කැලණිය හෙට්ටිගොඩ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

පසුගිය 01 වැනිදා ඔහු ආසාදිතයෙක් වූ බව හඳුනාගැනීමෙන් පසු හම්බන්තොට කොරෝනා රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු ප්‍රතිකාර ලැබීමෙන් පසුව අද දිනයේ නිවසට යාමට සූදානමින් සිටියදී පපුවේ අමාරුවක් හේතුවෙන් ආපසු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇත.

මෙම පුද්ගලයාට හෘදයාබාධයක් කලින්ද වැළඳී තිබූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements