Featured News

Video Gossip

Advertisement


සංචරණ සීමා පැනවීමෙන් පසුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට තිරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි.

එලෙස යම් පුද්ගලයෙක් බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට ගොස් සිටින්නේනම් ඔවුන් සෞඛ්‍ය බලධාරීන් සමග මැදිහත් වී ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා සඳහන් කළා.

බස්නාහිර පළාතෙන් පිටවීම ඊයේ රාත්‍රී සිට ඉරිදා මධ්‍යම රාත්‍රී දක්වා තහනම් කිරීමට රජය පියවර ගනු ලැබුවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සිදුකරන පුද්ගලයෙකුට හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට ගමන් කිරීමට නොහැකි අතර වෙනත් පළාතක සිට බස්නාහිර පළාතට පැමිණීමේ බාධාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

“යම්කිසි කෙනෙක් මේ සීමාවන්ට අවනත නොවී කොහේ හරි හොර පාරකින් ගියෝත් ප්‍රාදේශීය පොලිස් ස්ථානවලට උපදෙස් දීලා තියෙනවා ඉස්සෙල්ලා වගේම ඒ අය කොහොට ද එන්නේ බලන්න. සමහර විට නවාතැන්පොළකට වෙන්න පුළුවන් නිවසකට වෙන්න පුළුවන් විශ්‍රාම ශාලාවකට වෙන්න පුළුවන් වතු නිවාසයකට වෙන්න පුළුවන් ඒවා ගැන හොයලා බලන්න කියලා ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින්. අපි ඊයේ රාත්‍රීයේ මේ බව නිවේදනය කරේ.
ඒ අතර යන අයට සහන කාලයක් දෙන්න ඕනේ. නමුත් අනිවාර්යයෙන්ම යම්කිසි කෙනෙක් අද උදේ 5 විතර ඉදලා කොහේහරි ලංකාවේ ප්‍රදේශයකට ඇවිල්ලා තියෙනවා නම් ඒ අය එම ස්ථානවලම නිරෝධායනයට ලක්කරන්න වෙනවා. සෞඛ්‍ය අංශවල සහයෝගය මත. ඒ වගේම ඒ දවස් 14 න් පස්සේ ඒ අයට එරෙහිව අපිට කටයුතු කරන්න වෙනවා. එයාලා බස්නාහිර පළාතේ ඉදලා ගිහින් කියලා තහවුරු වුණොත් මේ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම අනුගත කරන්න වෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් බස්නාහිර පළාතෙන් පිට වෙලා යන්න එපා. අපි අධිවේගී මාර්ග ඇතුළුව සියලූම පිටවුම් දොරටුවල නිලධාරීන් යොදවලා තියෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන සේවා බස්නාහිර පළාතෙන් පිටතට ධාවනය වෙන්නේ නෑ බස්නාහිර පළාත ඇතුළත වෙනවා. මේ දවස් 4 රැඳී සිටින්න.“

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements