Featured News

Video Gossip

Advertisement

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ දින 20ක් වයසැති බිළිඳෙකු මිය ගොස් තිබේ. 

එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා සඳහන් කළේ, මෝදර ප්‍රදේශයේ බිළිඳෙකු නියුමෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් ඊයේ (08) පස්වරුවේ මිය ගිය බවය.

අද උදෑසන 4.00ට පමණ මෙම බිළිඳා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී ම ප්‍රතිකාර සඳහා බිළිඳා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත්, ඇතිව තිබූ තද බල නියුමෝනියා තත්ත්වය හේතුවෙන් එම බිළිඳා අද පස්වරු 4.00ට පමණ මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන අවස්ථාවේදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව එම බිළිඳාට කොරෝනාවෛරසය අසාදනය වී ඇතැයි තහවුරු වූ බවය.

කෙසේ වෙතත්, කුඩා දරුවෙකු කොරෝනාවෛරසය ආසාදනය වී මිය නොයන බවත්, ඇතිව තිබූ නියුමෝනියා තත්ත්වය හා අනෙකුත් රෝගී තත්ත්වයන් උත්සන්න වීම හේතුවෙන් එම බිළිඳා මිය ගිය බවත් රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements