Featured News

Video Gossip

Advertisement

ලෝක බලවතුන් 100 අතරට ගිය ශෙමාරා වික්‍රමනායක

ලෝප්‍රකට ෆෝබ්ස්’ සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තවක ද ඇතුළත් කර තිබෙනවා එලෙස ඇතුළත්ව ඇත්තේ එක්සත් රාජධානියේ උපත ලැබූ ශෙමාරා වික්‍රමනායක වන අතර ඇය එම ලැයිස්තුවේ 29 වැනි ස්ථානයේ පසුවෙනවා ශෙමාරාගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු වෛද්‍යවරයෙක් වෙනවා .
shemara wikramanayake එක්සත් රාජධානියේ උපත ලැබූ අතර කලක් ශ්‍රී ලංකාවේ ද ජීවත් වෙලා තිබෙනවා ඇයට වසර 13ක් වනවිට ශෙමාරා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාවට ගොස් එහි පදිංචි වෙලා තිබෙනවා ඔස්ට්‍රේලියාවේ දී සිය උසස් අධ්‍යාපනය ලැබූ ශෙමාරා 1987 වසරේ දී ආයෝජන බැංකු සමූහයක් වන මැකෝරි බැංකුව සමඟ එක්වී තිබෙනවා ඇය වසර 20කට ආසන්න කාලයක් එම බැංකුවේ රැකියාව කිරීමෙන් අනතුරුව 2008 වසරේ දී එහි වත්කම් කළමනාකරණ හෙවත් ඇසට් මැනේජ්මන්ට් හි ප්‍රධානියා ලෙස තේරී පත් වෙනවා.

ශෙමාරා වික්‍රමානායක මේ වනවිට මැකෝරි බැංකු සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවන බවයි අපිට දැනගන්නට ලැබෙන්නේ ඇය එම තනතුරට පත්වූයේ 2018 වසරේ දී ය.ශෙමාරා වික්‍රමනායක පුතුන් දෙදෙනකුගේ මවක වන අතර ඇයගේ ස්වාමිපුරුෂයා ද හිටපු ආයෝජන බැංකුකරුවකු ලෙස වැඩ කරපු කෙනෙක් ෆෝබ්ස් සඟරාව මෙලෙස ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා නම් කළේ 17 වැනි වරට වන අතර මෙවරත් එහි මුල්තැන ගැනීමට සමත්ව ඇත්තේ ජර්මානු නායිකා චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ය. ඇය අඛණ්ඩව එම ස්ථානයට පත්වූ 10 වැනි වසර මෙය ලෙස කියන්නට පුළුවන් ඉතින් අපි හිතුවා ලංකාවට අභිමානයක් ගෙනදුන් මේ ලෝකප්‍රසිද්ද චරිතයේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.













gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements