කථානායකවරයාගේ ආරක්ෂක පෙර ගමන් රථයක රියදුරුට කොරෝනා ආසාදනය වීම මත මෙම පියවර ගෙන ඇත.
මෙම සියලු දෙනාගේ ජීව සාම්පල කොරෝනා පරීක්ෂණ සදහා යොමු කර ඇති අතර කතානායක වරයා නිරෝධායන වීම හෝ නොවීම එම පරීක්ෂණවල ප්‍රතිඵල මත තීරණ වීමට නියමිතය. අද දිනයේ එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.
නිරෝධායනයට ලක් වූ පිරිස අතර කථානායක නිල නිවසේ කළමනාකරවරයාද ඇතුළත්ය.


