Featured News

Video Gossip

Advertisement


දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 512 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි. 

ඊයේ (15) දිනය තුල පමණක් දකුණු පළාතෙන් කොවිඩ් ආසාදිත රෝගින් 31 දෙනකු වාර්තා වී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත රෝගින් 20 දෙනෙකු හා අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01ක් රෝගියකු වාර්තා වී ඇති බවද හෙතෙම පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිත රෝගින් 07ක්,මාතර නගරසභාව බල ප්‍රදේශයෙන් එක් රොගියකු දෙවිනුවරින් 01 රෝගියකු හා පස්ගොඩින් එක් රෝගියකු වාර්තා වි ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 324 මාතර දිස්ත්‍රික්කයෙන් 153 නෙකු හා හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 35 දෙනෙකු වාර්තා වි ඇත. ගාල්ල නාගරික බල ප්‍රදේශය තුල පමණක් ඉකුත් සති දෙකක කාලය තුලදි කොරෝනා ආසාදිත රෝගින් 113 දෙනෙකු වාර්තා වි ඇති බවද කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරියා පවසයි.

දකුණු පළාතේ පවුල් 1511කට අයත් පුද්ගලයින් 3074 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 794කට අයත් පුද්ගලයින් 2011 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 369කට අයත් පුද්ගලයින්1054 දෙනෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්348කට අයත් පුද්ගලයින් 639 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements