Advertisement


පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙරටට දියසෙන් කුමාරයෙක් පහළ වූයේ යැයි සිතා සිටිය ද දැන් සිදුව ඇත්තේ එම දියසෙන් කුමාරයාට පුරෝහිතයන් වත් පාලනය කරන්න බැරි තත්ත්වයක් බව නාරහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
තුනෙන් දෙකක බලයක් සහිතව මෙම ආණ්ඩුව පත් කර ගත්තේ රට හොඳ තැනකට ගෙන යාමට බලාපොරොත්තුවෙන් වුවත් අද එම විශ්වාසය පළුදු වී ඇති බවද උන්වහන්සේ කියා සිටිති.

සෞභාග්‍යමත් දේශයක් ඇතිකිරීමට සියල්ලන් කැමැති වුවද කාගේ හෝ කරුමයක්, දෝෂයක් බලපෑමක් නිසා ජනතාව කලකිරීමට පත්ව සිටින්නේදැයි සිතාගත නොහැකි බවද උන්වහන්සේ පැවසූහ.

එම ජනතාවගේ කලකිරීමට හේතුව නොසොයා ඉදිරි ගමනක් නැතැයිද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද වන විට කිසිදු ඇමතිවරයෙකු දුරකථනයට ප‍්‍රතිචාර නොදක්වන බවත් ඒවාටද කොරෝ්නා හැදී ඇති දැයි සැක සිතෙන බවත් උන්වහන්සේ කියා සිටියහ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements