Advertisement


ක්‍රිකට් ක්‍ර්‍රිඩක ධනංජය ද සිල්වා මහතාගේ පියාණන් වූ රංජන් සිල්වා මහතා ඝාතනය කොට ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටි බව කියවෙන ඇල්ටේ ධර්මේ නොහ‌ොත් ගොනාකෝවිලේ ධර්මේ නැමැත්තා එරට ආරක්ෂක අංශ විසින් මුදා හැර ඇති බව වාර්තා වනවා.
මීට දින කිහිපයකට ඉහතදී ඇල්ටෝ ධර්මේ නැමැත්තා ඩුබායි ආරක්ෂක අංශ වෙත කොටුවූ අතර මෙරට මාධ්‍ය වාර්තා කොට තිබුණේ ජාත්‍යන්තර වරෙන්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට තිබූ බවයි.

කෙසේවෙතත් අපට වාර්තා වී ඇත්තේ වීසා කල් ඉකුත් වීම සහ සොයාගත් ආකාරය හෙළිදරවු කළ නොහැකි කෝටි ගණනක මුදල් ප්‍රමාණයක් ඔහුගේ නවාතැනේ තිබීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇති බවයි.

කෙසේවෙතත් අත්අඩංගුවට පත්වීමෙන් පසු කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේ්දී මොහු හට කොරෝනා වැළදී ඇති බව තහවුරු වී ඇති අතර ඒ අනුව ඩුබායි පොලිසිය විසින් ඔහු නිදහස් කර නිවෙසේ නිරෝධායන කටයුතු සිදුකරන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements