Advertisement


අලුත් කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ගිනි කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද එසේ නැතිනම් කාගේ හෝ නඩු ඉක්මනින් විසඳීමේ ක්‍රියාවක්ද යන්න ගැන සැකයක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
එලෙස නඩු කඩිනමින් අවසන් කර ගැනීමට මෙම ගින්න ඇති කිරීමට කටයුතු කළේ නම් එයින් ද ආණ්ඩුව අසමත් වී ඇතැයි ඔහු පැවසීය.

අදාළ ගිනි ගැනීම මඟින් නඩු ලිපි ගොනු ගිනි ගෙන ඇත් දැයි නැද්දැයි ඉදිරි දින කිහිපයේ දී හෙළි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී

ඉදිරියේදී නිදහස් කිරීමට ඇති සිරකරු පොලිම සමග මෙම ගින්න බද්ධ වන්නේදැයි අද සමාජයේ කතිකාවක් ඇතිවී තිබෙන බවද පැවසූ ඔහු පැවසුවේය.

කෙසේ නමුත් ගිනි නිවීමේ අංශය කඩිනමින් ගින්න නිවා දැමූ නිසා නඩු ලිපි ගොනු ටික බේරාගත හැකි වීමෙන් එම සැලසුම ද ෆේල් වී ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements