Featured News

Video Gossip

Advertisement

නිරෝධායන නීති කඩ කිරීම' ගැන ගන්නා පියවර කුමක් ද?

කොරෝනාවෛරසය සඳහා දේශීය ප්‍රතිකාරයක් සොයා ගත් බව කියන කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර නමැත්තාගේ දේවාලයට එම 'පැණිය' ලබා ගැනීම සඳහා අද (8) දින විශාල ජනතාවක් පැමිණ තිබිණි.


මේ සම්බන්ධයෙන් කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ, නිරෝධායන නීති කඩ කිරීම් එහි සිදුවූ බවත් එසේ නොකරන ලෙස ඔවුන් එහි රැස්ව සිටින ජනතාව දැනුවත් කළ බවත්ය. 
එමෙන් ම, නිරෝධායන නීති කඩවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, ලැබෙන උපදෙස් අනුව සිදු කරන බව ද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය. 

අද උදෑසන කාලය වන විට 5,000කට අධික පිරිසක් මෙම 'පැණිය' ලබා ගැනීමට එම ස්ථානයට පැමිණ තිබිණි.

එම ස්ථානයේ නිරෝධායන නීති කඩවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ද 'මව්බිම' විමසීමක් කළේය.

එහිදී ඔවුන් සඳහන් කළේ, එම ස්ථානයේ පාලනය කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවය. 

ධම්මික බණ්ඩාර නමැත්තා පවා මෙලෙස සෙනඟ පැමිණෙන බවක් නොදැන සිටි බවත් ඊයේ (7) රාත්‍රී 8.00 පමණ වන විට එම ස්ථානයේ 1,500 අධික පිරිසක් සිටි බවත් ඔවුහු පැවසූහ.

"ඒ වෙද මහත්තයා දැනුවත් කරලත් නෑ, එන්න කියලත් නෑ, නොම්මර දීලත් නෑ. එහෙම එකක් වෙලා තියෙන්නේ. එයා කොහෙවත් මාධ්‍යයකට කියලා නෑ මං බෙහෙත් දෙනවා එන්න කියලා. ඒ උනාට මිනිස්සු හොයාගෙන එනවා. ඒක දැන් ලොකු ප්‍රශ්නයක්. අපිටත් හිතා ගන්න බෑ මොක ද කරන්නේ කියලා," යනුවෙන් ද එම සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම 'පැණිය' ලබා ගැනීම සඳහා පුද්ගලයන් පැමිණෙන බවය.

ඒ අනුව අද දහවල් වන විට 12,000 - 15,000 අතර පිරිසක් මෙහි පැමිණ ඇති බව ඔවුහු සඳහන් කරති. එමෙන් ම ඔවුහු දන්නා පරිදි අද දිනයේ මෙම 'පැණිය' අඩංගු බෝතල් 7,000කට අධික පිරිසකට ලබා දී ඇති බවත් තවත් 5,000කට අධික පිරිසක් ආපසු හැරී ගොස් ඇති බවත් සඳහන් කළහ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ, පිටස්තර පුද්ගලයන් ද මෙහි පැමිණීම කොරෝනා තර්ජනය තවදුරටත් වැඩි කරන්නක් බවය.

"මෙතන නිරෝධායන නීතිය තියා, අපිට එතනට යන්නත් බෑ. අපිත් ගිහිල්ලා දැන් මගට වෙලා ඉන්නවා. වාහන බ්ලොක් එක එහෙන්. පයින් යන්නවත් බෑ," යනුවෙන් ද සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

තවදුරටත් මේ පිළිබඳව සොයා බැලීමේදී දැන ගන්නට ලැබුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ 'පැණිය' නොමිලේ ලබා දෙන පවසා දැන්වීමක් හුවමාරු වී ඇති බවය.

එම දැන්වීම පහතින්.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements