Featured News

Video Gossip

Advertisement


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් ඩුබායි රටේ සිට මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන ‘හරක් කටා’ නැමැති පුද්ගලයාට අයත් රුපියල් කෝටි 6කට ආසන්න මුදලක් සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

මොහු අංගොඩ ලොක්කාගේ ගෝලයකු බවද සදහන්ය.

මෙම මුදල පසුගිය දින කිහිපය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති මුදල බවද සදහන්ය.

මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් සමග හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ද අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුවෙල, මාලබේ හා වැලිවිට යන ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුන් අතර සිදුවන ජාලගත මුදල් සංසරණය පිළිබඳ සොයා සිදුකර ඇති එම මෙහෙයුමෙන් කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හා 37 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගෙන තිබිය දී මෙරට දී අත්අඩංගුවට ගත් විශාලතම මුදල මෙය බව ද සඳහන් කර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, එම මුදල බැංකුවේ තැන්පත් කිරීම සඳහා සැකකරු තිබිය දී මෙලෙස සොයා ගත් බවද පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (20) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත එම වැටලීම සිදුකර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements