Advertisement


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා සඳහා යැයි සුදුසු කියන ඖෂධය සම්බන්ධයෙන් ජනතාව ඉතාමත් බලාපොරොත්තු සහගතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
දේශීය වශයෙන් එය ජයගත හැකි වූවොත් රටටද ඉතාමත් විශාල කීර්තියක් බව සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

නමුත් විද්‍යාත්මක නොවන සමාන දේවල් හේතුවෙන් ජනතාව තුළ සැක සංකා ඇති වීමෙන් ඇතැයි ද පැවසූ ඔහු සැම විටම දේශීය දේ ප්‍රතික්ෂේප කරන කරන පරජාතික මානසිකත්වයෙන් සිටින පිරිසක් අපේ රටේ කොහොමත් සිටිනා බවත් පැවසීය.

කෙසේ නමුත් පිළිගත හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් හරහා මෙම ඖෂධ සනාථ වන තුරුම උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයිද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements