Advertisement


මඩකලපුව වාලච්චේන කෝරළේපත්තු ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා වූ අයවැය සම්මත වී ඇත්තේ මහා ගාලගෝට්ටියක් මැදයි.

එසේ අයවැය සම්මත කරගෙන ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනකුට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටියදීය.

පසුගිය 11 වනදා මෙම අයවැය සම්මත කරගෙන ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ ද සහභාගිත්වයෙන් තොරවයි.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරන දෙමළ ජාතික සන්ධානයේ එම ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් කියා සිටින්නේ අයවැය පැවති දින උදෑසන ප්‍රධාන ගේට්ටුව වසා දමා තිබුණ ද පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඔහුගේ ආදාරකරුවන් සමඟ සභාවට පැමිණි බවයි.

ඔවුන් ගේට්ටුව කඩා ගෙන සභාවේ දොරවල් කඩාගෙන ඇතුළට පැමිණි බවද ඔවුන් සඳහන් කරති.

එහිදී විශාල කලබලයක් ඇති වුවත් පිල්ලෙයාන්ගේ ආධාරකරුවන් විසින් කාන්තාවන්ටද පහර දුන් බවත් ඔවුන් රෝහල්ගත කර ඇති බවත් මන්ත්‍රීවරුන් කියා සිටියහ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements