රොහාන් පල්ලේවත්ත සජිත් සමග එකතුවෙයි | Rohan Pallewatta
gossip
,
gossip lanka
,
News
,
Politics
,
Rohan Pallewatta
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒ මහතා අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව ඔහු, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වනු ඇති බවත් සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙස ද ඔහුට වගකීම් පැවරෙන බව සමගි ජනබලවේගය සඳහන් කරයි.
සමගි ජන බලවේගය වැඩි දුරටත් සඳහන් කරන්නේ, එහි වෘත්තියවේදී සංගමයේ ප්‍රධානියෙකු මෙන් ම ප්‍රධාන උපදේශකයෙකු ලෙස ද ඒ මහතා ට වගකීම් පැවරෙන බවය.
බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙස රොහාන් පල්ලෙවත්ත මහතා කටයුතු කරයි.


