Featured News

Video Gossip

Advertisement


මිග් යානා ගනුදෙනුවේ මුදල් තවමත් තමන් ලද ඇතැයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට තමන් කතා කරන්නේ අයියා යනුවෙන් බවත් තම පවුලෙන් වැඩියෙන්ම කිට්ටු මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවත් ඔහු පවසයි.
යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම තනිකරම තමන්ගේ වැඩක් සහ සංකල්පයක් බවත් අගමැතිවරයාට එම යෝජනාව ඉදිරිපත් කලේ තමන් විසින් බවත් ඔහු සඳහන් කරයි.

සති දෙකක් කාමරයකට දමා වසා PCR පරීක්ෂණ 5ක් පමණ සිදු කරද්දී මෙරටට පැමිණෙන්නට සංචාරකයන්ට පිස්සු නැතැයිද ඔහු පෙන්වා දෙයි.

මෙරට නිරෝධායන නීති සමග ලංකාවට සංචාරකයන් ගෙන්වන්න බැරි බවත් ඒවා කිසිම ප්‍රායෝගිකත්වයක් නැති නීති බවත් ඔහු කියා සිටියි.

දැනටමත් ලංකාවේ දිනකට කොරෝනා ආසාදිතයන් පන්සියයක් පමණ වාර්තා වන බවත් යුක්රේන ජාතිකයන්ගෙන් ආසාදිත යැයි වාර්තා වී ඇති තුන් දෙනෙකු බවත් ඔහු තව දුරටත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements