Featured News

Video Gossip

Advertisement


පූජ්‍ය අතුරලියේ රතන හිමි 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් හෙට (5) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රී ධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් මගින් පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලදී.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 දී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ රතන හිමියෝ 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 7 වන පාර්ලිමේන්තුව සඳහා තේරි පත්වූහ.

2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 8 වන පාර්ලිමේන්තුව ද නියෝජනය කළ රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වන වරට ය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements