Featured News

Video Gossip

Advertisement


ලබන සඳුදා (01) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුවහොත් ඊට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව සාකච්ඡාවක් සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (28) බ්‍රහස්පතින්දා දුරකථනය මාර්ගයෙන් ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ 06ක නායකයන්ට ඇරයුම් කර තිබිණි.

මෙම තීරණාත්මක සාකච්ඡාව හෙට (30) වැනිදා විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂය ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, එක්සත් මහජන පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් යන මහත්වරුන්ට විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේ ඉහත සාකච්ඡාව සඳහා දුරකථනය මගින් ඇරයුම් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements