Featured News

Video Gossip

Advertisement


ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක අධිකරණවල අදානි සමාගමට එරෙහිව නඩු විභාග වෙමින් පවතින බවත් , එවන් සමාගමකට අපේ රටේ කොළඹ වරායේ නැගෙනහිර පරියන්තය ලබාදිමට රජය කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා පැවසිය.
නලින්ද ජයතිස්ස මහතා ඒ බැව් කියා සිටියේ සොරි කවුද දිනුම් යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබු (31) දින ගිනිගත්හේන සමුපකාර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ නැගෙනහිර පරියන්තය ලබා නොදෙන බවට රජය ප්‍රකාශ කර බටහිර පරියන්තය ඉන්දියානු සමාගමට ලබාදිමේ සුදානමක් ඇති බවයි.

ඉන්දියාවෙන් පරිත්‍යාග කරන ලද කොවිඩ් මර්ධන එන්නත එන්නත් කරගෙන එම එන්නතට නිර්වින්ධනය නොවි රටේ සම්පත් විකිණිමට එරෙහිව පෙල ගැසිය යුතු බවයි නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ.

මේ රටේ බහුතර ජනතාවක් එක් වි රට රැකිමට රජයක් පිහිටුවා ගත් බවත්, එම රජය විසින් මේ රටේ ජාතික සම්පත් විදේශිකයන්ට අලෙවි කිරිමට කටයුතු කරන බවත්, එම ඉඩම් රැකි ගැනිමට මේ රටේ ජනතාව එක්විය යුතු බවයි නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ.

මෙම සම්මන්ත්‍රණය ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක මංජුල සුරවිර මහතා විසින් සංවිධානය කර තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements