Featured News

Video Gossip

Advertisement


මීටියාගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන බටපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ශක්ති මධුශංක වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව, අදාළ සැකකරුගේ දේශපාලන පසුබිම කුමක් වුවත්, ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙසටයි අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.

ඒ අනුව මෙම සැකකරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ද තීරණය කර තිබෙනවා.

එසේම, මොහුට රැකවරණය ලබාදෙන හෝ පහසුකම් සලසන අයට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

පසුගිය 25 වනදා සිදුවූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව තිබුණේ 24 හැවිරිදි තරුණයෙක්.

එය මෙම මන්ත්‍රීවරයාගේ සැලසුමක් මත සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට පොලීසිය මඟ හරිමින් සිටින අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 0718 59 14 81 යන අංකයෙන් මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට, 1997 අංකයට හෝ 118 මෙන්ම 119 යන අංක වෙත තොරතුරු ලබාදෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements