Advertisement


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දාරළුවේ පිහිටි අතිදුර්ලභ කෲඩියා සිලනිකා ශාකය නිරීක්ෂණය කිරීම සඳහා ගියේය.

ඔහු එය නිරීක්ෂණය කිරීමෙන් පසුව සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තබා තිබිණි.

නෂ්ට වී තිබෙන ඒක දේශීය ශාකයක් වන "පණු කරද" හෙවත් Crudia Zeylanica අති දුර්ලභ ශාකය ගම්පහ දිස්ත්‍රික්කයේ දාරළුව ප්‍රදේශයෙන් හමු වීමත් සමග එම ශාකය සියැසින් දැක බලා ගැනීමට සහ මෙම ශාකය අද මුහුණ පා තිබෙන තර්ජනය පිළිබදව මා හට නිසි අවබෝධයක් ලබාගැනීමට එම ශාකය තිබෙන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන ලදී.

ඉතා සංවේදී පරිසර පද්ධතියක පිහිටා තිබෙන Crudia Zeylanica අති දුර්ලභ ශාකය එම ස්ථානයේ තිබියදීම සංරක්ෂණය කිරීම වඩාත් යෝග්‍ය බව මා හට හැඟී ගිය කරුණකි. එම ශාකයේ ප්‍රමාණය, මූල පද්ධතිය සහ වයස සැලකීමේදී කිසිලෙසක එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කොට සංරක්ෂණය කිරීම කළ හැකි කාර්යයක් ලෙස මා විශ්වාස නොකරමි.

මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ශාකයේ වටිනාකම සහ දුර්ලභත්වය සැලකිල්ලට ගෙන මතු අනාගත දරුවන් වෙනුවෙන් මේ මහා වෘක්ෂය ආරක්ෂා කොට අධිවේගී මාර්ගය ඉදි කරනවා නම් එය මුළු මහත් පරිසරයටම සිදුකරන ගෞරවයක් ලෙස මා මතක් කර දීමට කැමැත්තෙමි.

මෙම ශාකය හඳුනාගත් සහ ශාකය ආරක්ෂා කිරීමට කැපවූ ගරුතර මහා සංඝරත්නයට, රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන් හට පරිසරයට ආදරේ කරන නායකයකු ලෙස මා ගෞරව කර සිටිමි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements