Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අනෙක් අයත් මෙහෙම ඉල්ලූවොත් මොකද කරන්නේ

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයකට පෙර පුහුණුකරු ධුරයෙන් චමින්ද වාස් මහතා ඉවත්වීම පිළිබඳ තමන් පෞද්ගලිකව කනගාටු වන බවත් පාලක මණ්ඩලය සමග ඇති ගැටලූවලට කී‍්‍රඩකයන් වගකිව යුතු නොමැති බවත් කි‍්‍රකට් පාලක මණ්ඩලය සහ කී‍්‍රඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේද විනයානුකූල ක‍්‍රමවේදයක් තිබිය යුතු බවත් කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටී. ඊයේ (23) දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු වශයෙන් ශී‍්‍ර ලංකා හිටපු ආරම්භක පන්දු යවන කී‍්‍රඩක චමින්ද වාස් පසුගියදා පත් කෙරිණි. එ් අනුව ඊයේ (23) දා  ශී‍්‍ර ලංකා කණ්ඩායම කොදෙව් දේශය බලා පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී වාස් සිය පුහුණුකරු ධුරයෙන් ඉවත්වන බවත් කොදෙව් සංචාරය සඳහා එක්නොවන බවත් දන්වා තිබිණි. එහිදී සිය වැටුප් සහ දීමනා වැඩිකර ලබාදෙන ලෙස සිදු කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වාස් ඔහුගේ තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පෙරේදා (22 ) දා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

කෙසේ වෙතත් ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් දැක්වූ කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ චමින්ද වාස් මහතාගේ ඉවත් වීම සහ එම වැටුප් සම්බන්ධ ඉල්ලීම පිළිබඳ තමන් විවේචනය නොකරන බවත් එහෙත් මෙම සිදුවීම පිළිබඳ තමන් කනගාටු වන බවත් නාමල් අමාත්‍යවරයා කියා සිටියේය. ‘චමින්ද වාස් මහතාගේ

සිදුවීම ගැන මම පෞද්ගලිකව කනගාටු වෙනවා. මොකද වාස් කියන්නේ ඉතාම දක්ෂ කී‍්‍රඩකයෙක්. එ් වගේම පුහුණුකරුවෙක්. එවැනි පුහුණුකරුවෙක් අහිමිවීම පිළිබඳව මම කනගාටු වෙනවා. කී‍්‍රඩකයෙක් හෝ පුහුණුකරුවෙක් තමන්ගේ

ගිවිසුම පිළිබඳව සාකච්ඡුා කරන ක‍්‍රමවේදයක් තියෙනවා. ඔහු යම් කිසි මුදලකට කි‍්‍රකට් පාලක මණ්ඩලය සමගින් ගිවිසුම්ගත වෙලා තියෙනවා. එ් අනුව සංචාරයක් යද්දී සංචාරයට අදාළ මුදලක් ගෙවීමක් සිදු වෙනවා. මේ සංචාරය සඳහා චමින්ද වාස් මහතාට ලක්ෂ හතහමාරක මුදලක් ගෙවන්න පොරොන්දු වෙලා තියෙනවා. කි‍්‍රකට් මණ්ඩලයේ ගිවිසුමට අනුව අමතර සංචාරක ගාස්තුවක් තියෙනවා. එ් ගාස්තුවට අමතරව තමයි මේ ලක්ෂ හතහමාර ගෙවන්න පොරොන්දු වුණේ. හැබැයි චමින්ද වාස් මහතා මෙම ලක්ෂ හතහමාර ගන්න එකඟ වෙලා නැහැ’ යැයි එහිදී අමාත්‍යවරයා කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ පිතිකරු පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන ග‍්‍රාන්ට් ෆ්ලවර් හට මාසිකව ඇමරිකන් ඩොලර් 10000ක මුදලක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෙතින් ගෙවනු ලබයි. හිටපු වේග පන්දු පුහුණුකරු ඬේවිඞ් සේකර් හට ඇමරිකන් ඩොලර් 15000ක් ගෙවා තිබේ. මීට අමතරව මිකී ආතර් හට මාසිකව ඇමරිකන් ඩොලර් 25000ක් ගෙවනු ලබයි. එ් අනුව වාස්ටද හිටපු වේග පන්දු පුහුණුකරුවාගේ

වැටුප ගෙවිය යුතු බවට ඊයේ පාර්ලිමේන්තුවේදී නැගුණු පැනයට පිළිතුරු දුන් කී‍්‍රඩා අමාත්‍යවරයා ‘ගිවිසුම් ප‍්‍රකාරව චමින්ද වාස් මහතා මේ වනවිටත් පුහුණුකරු ගිවිසුමක ඉන්නවා. එ් හින්දා ගිවිසුම් ප‍්‍රකාරව වැඩිපුර ගෙවීමක් සිදු කිරීමට අවශ්‍ය නැහැ. සංචාරයකට පිටත්වෙන්න පැය 3කට කලින් අවිල්ලා මට මේක දුන්නේ නැත්නම් යන්නේ නැහැ කියලා ඩිමාන්ඞ් එක දැම්මොත් හෙට අනෙක් පුහුණුකරුවොත් එ් කාරණය කරයි. හෙට කි‍්‍රකට් කී‍්‍රඩකයෝ එ් විදිහට කරන්න ගියොත් අපි කොහොමද මේ කාරණයට මුහුණ දෙන්නේ. කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සහ කී‍්‍රඩකයන්ගේ

වගේම පුහුණුකරුවන්ගෙත් විනය හැදෙන්න ඕනේ. ගෙවීම පිළිබඳ මෙතන ගැටුලූවක් නැහැ. එතුමා බටහිර සංචාරය හොඳට කළාට පස්සේ අපේ කි‍්‍රකට් කමිටුවේ අදහසක් තිබුණා දීර්ඝකාලීනව ගිවිසුමකට ගේන්න. අන්න එ් දීර්ඝකාලීන ගිවිසුමට ගේනකොට මේ කාරණය එතුමා සාකච්ඡුා කළා නම් අපිට සලකා බලන්න තිබුණා’ යැයි වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් චමින්ද වාස් මහතා තමන්වත්, පුහුණුකාර ධුරයවත් අත්හැරීමට වඩා ශී‍්‍ර ලංකා කණ්ඩායමට වේග පන්දු පුහුණුකරුවෙකු නොමැතිව කොදෙව් සංචාරයට යෑමට සිදුවීම පිළිබඳ තමන් කනගාටු වන බවද අමාත්‍යවරයා ඊයේ වැඩිදුරටත් කියා සිටියේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook