පොලිස් නිලධාරියෙකු මහමගදී රියදුරෙක්ට පහර දී පොලොවේ ගසා ඇග උඩටත් පනීග - නිලධාරියාගේ වැඩ තහනම්
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
මහා මාර්ගය රාජකාරියක නිරත වී සිටි පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වන සංසරණය වෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අදාළ පොලිස් නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කළ පුද්ගලයෙකු බවයි.
පහරදීමට හේතුව වී ඇත්තේ එම ලොරි රථ රියදුරා විසින් මහරගම පොලිසියේ රථවාහන ස්ථාන භාර නිලධාරියා අනතුරකට ලක් කිරීම බවත් මේ වන විට ඔහුද රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
කෙසේ නමුත් සැකකරුවෙකුට පහරදීම සිදුකළ නොහැකි වීම හේතුවෙන් අදාළ පහරදීම සිදුකළ නිලධාරියාද වැඩ තහනම් කළ බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ද කටයුතු කර තිබේ.

