Advertisement


කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් වසරක් තිස්සේම ආදාහනය කිරීම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් මහතා පවසයි.

ඉස්ලාම් ආගම අනුව එම ආගමිකයන්ගේ මෘතදේහය පැය විසි හතරක් තුළ භූමදානය කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.
ඒ සදහා දේහය ගෙන යන විටදී පවා රිදවීමක් නොකර ගෙනයා යුතු බවත් තම ආගමික විශ්වාසය එසේ බවත් ඔහු සඳහන් කළේය.

මුස්ලිම් ජනතාවට වසරක් තුල කොතරම් අසහනයක් තිබුණේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

පකිස්ථාන අගමැතිවරයා මෙරටද පැමිණි පසුව එම මරණ භූමදානය කිරීමට අවසර ලබා දුන්නද ආණ්ඩුව නැවතත් විවිධ හේතුවන් පවසමින් එම තීන්දුව පසුපසට දමමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements