Advertisement

බිරිදට එල්ල වන ඉඩම් වංචා චෝදනාව ගැන සංගක්කාරගෙන් ප්‍රකාශයක්

ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරියගේ නමට සීගිරිය ප්‍රදේශයේ පර්චස් 95 ක ඉඩමක් කූඨ ලේඛන මගින් පවරාගැනීම සම්බන්ධයෙන් කරණු අනාවරණය වූයේ මීට දින කිහිපයකට පෙර එම ඉඩමේ වාණිජ කටයුත්තක් සිදුවන්නට යන බවට දඹූල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුණ තොරතුරු නිසාය.

එම ඉඩම පේඩිගේ පද්මිණි නමැති හිමිකාරිනියකට රජය ලබාදී තිබුනේ අඩු ආදායම් ලබන පවුල්වලට රජයේ ඉඩම් ලබාදීමේ වැඩසටහනකට අනුවයි. ඇය යෙහාලි සංගක්කාරගේ නමට මෙම ඉඩම ලියා ඇයට පවරන ලෙස ප්‍රා.ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ තමන්ට ලැබුණ ඉඩම නඩත්තු කිරීමට නෙැහැකි බවත් තමා වැනි වෙනත් දුප්පත් අයෙකු වූ යෙහාලිට එය පවරන ලෙසත් දක්වමිනි.
ඒ අනුව නව හිමිකාරිය වූ යෙහාලි මාසයකට රුපියල් 7000 ට අඩු ආදායම් ලබන බව හා යෙහාලිගේ සැමියා ගොවියෙකු බවත් වයස 18ට වැඩි දරුවන් නොමැති බවත් ආදී කරුණු පෝරම වල පුරවා තිබූ අතර යෙහාලි අදාළ ප්‍රදේශයේ පදිංචිකාරියක ලෙස ලිපිනයක් හා යෙහාලිගේ අදාළ නමට ලිපිනයට සැදූ ජාතික හැඳුනුම්පත් පිටපතක්ද අමුණා තිබී ඇත.
මෙම කරුණු ප්‍රා. ලේකම්වරයාට ඉදිරිපත් වන්නේ තිදෙනෙකුගේ අනුමැතියකින් පසුය. ඒ ග්‍රාම නිලධාරී, ඉඩම් නිලධාරී හා ජනපද නිලධාරී යන තිදෙනා හරහාය. මේ තිදෙනාම යෙහාලි සංගක්කාර අදාළ ප්‍රදේශයේ පදිංචි බවට හා ඇයගේ සැමියා ගොවියෙකු බවට හා අඩු ආදායම්ලාභිනියක බවට සහතිකවී තිබිණි.
මෙම සහතිකවීම හිතාමතා කරන ලද වංචාවක් බව ප්‍රා.ලේකම්වරයාට පසුව හැඟීගියේ එවැනි තැනැත්තියක සිය ප්‍රදේශයේ පදිංචි නැති බව ඒත්තු යාමෙනි. එම වංචාවෙන් වාසියක් ලැබෙන්නට ගියේ වෙන කිසිවෙකුට නොව යෙහාලිටය.
මෙම කරුණු පසුගිය සතියේ අනාවරණයවීමෙන් පසු යෙහාලි තමන් ඉඩමක් ලබාගන්නට ගියේ නැති බව නොකියයි. ඇය කියන්නේ තමා එම ඉඩම ලබාගත් බව සත්‍යයක් වුවත් කූඨ ලේඛන කතාවක් නොදන්නා බවයි. ඇය සත්‍ය ලේඛන පෙන්වා එම ඉඩම ලබාගත් බව දැන් කියයි.

යෙහාලි සංගක්කාර විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ කරුණු පැහැදිළි කිරීමේ ලිපියක මේ බව දැක්වේ.
එම ලිපියට අනුව යෙහාලිගේ ලිපිනය කොළඹ හෝකන්දර දකුණේ පිහිටා ඇත.
ලිපියේදී ඇය පවසන්නේ මෙම ඉඩම් තමා ලබාගත්තේ සැමියාගේ අනුමැතිය යටතේ නිරවුල් ඔප්පු බව සිතා බවයි.

නමුත් ඉඩම පැවරීම සම්බන්ධ ලේඛන මාස ගණනාවකට පසු ලැබෙන විට එහි වැරදි තොරතුරු සටහන්ව ඇති බව පෙනී ගියේ යයි දක්වා ඇත. ග්‍රාම නිලධාරියෙකු තමන්ගෙන් කරුණු විමසා නැති බවද දන්වා ඇත.

එම වැරදි දේ ඇතුළත් කළේ තමන්ගේ අනුදැනුම යටතේ නොවන බව කියන ඇය එවැනි පැවරීමක් ප්‍රතික්ෂේප කරන බවත් ඉඩමේ අයිතියට තමා සුදුසු නැති බැවින් ඔප්පුව අවලංගු කරන ලෙස ඉල්ලා ඇත.

අදාළ කරුණු දැක්වීමට ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ ප්‍රතිචාර දක්වමින් අවශ්‍ය පියවර ගන්නා බව දන්වා ඇත.

යෙහාලි යොමු කර තිබෙන බව කියන ලිපිය පහතින්






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements