Advertisement

කටකාර පේෂල සහ පුර්නිකා නැවතත් දෙමාපියන් වෙයි

තබ්ලා වාදකයෙකු ලෙස කලාවට පැමිණි පේශල ඉන්පසුව ගායකයෙකු ලෙසද අද වනවිට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසද ජනප්‍රියත්වයක් හිමිකරගන්නට සමත්ව සිටී. එමෙන්ම ඔහු විවාහ වූයේ ජනප්‍රිය නිවේදිකා පූර්ණිකා සමගිනි. 
ඉන්දියාවේ ගුරුවරයෙකු ළඟ වසර ගණනාවක් ඉගනගෙන ලංකාවට පැමිණි පේෂල මනෝජ් ලංකාවේ ‘තබ්ලා කිං’ කියලා හඳුන්වන්න පුළුවන්. 
තබ්ලා විතරක් නෙවෙයි සියලුම තාල වාද්‍ය භාණ්ඩ ඇතුළුව තවත් වාදන භාණ්ඩ ගණනාවක්ම වාදනය කරන්න පුළුවන් දක්ෂයෙක් තමයි පේෂල කියන්නේ. නමුත් පේෂල ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ නිවේදකයෙක් විදියට. ඒ ‘ටීවී දෙරණ’ නාලිකාවේ ‘චැම්පියන් ස්ටාර්’ වැඩසටහනෙන් පස්සේ.

මේ විදියටම ලංකාවේම ආදරේ දිනාගෙන හිටපු පේෂල, දෙවන වරට විවාහ වෙන්නේ පුර්නිකා පීරිස් සමග. පුර්නිකාගේ තෙවන විවාහය තමයි ඒ. මේ විවාහය ලංකාවේ ලොකු ආන්දෝලනයක් ඇතිකළ විවාහයක් වුනා. ඉතින් එක එක කතා අතරේ මේ දෙදෙනා ගොඩක් සුන්දර යුගදිවියක් ගතකරනවා. 

ඉතින් මේ කැදැල්ලේ සතුට වැඩිකරන්න තවත් පොඩ්ඩෙක් එකතුවෙලා. පේෂල ඒ සුන්දර අවස්තාව පිලිබඳ මේ වගේ සටහනක් තබා තිබුනා, ”ජීවිතයේ කාලෙන් කාලෙට එක එක සංදිස්තාන. අද අපි තුන් දෙනා හතර දෙනා උනා. ආදරෙන් පිලිගන්නවා පුංචි ආදිව අපේ පුංචි පවුලට” කියලා. ඉතින් තුන්දෙනා හතරදෙනා වුන මේ සුන්දර කැදැල්ලට අපිත් හදවතින්ම සුබපතමු.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements