Advertisement


රට තුළ පවතින ආර්ථීක අර්බුදයෙන් ගොඩ ඒමට නම් රාත්‍රී ආර්ථීකයක් ගොඩනැංවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

රජයේ අනුග්‍රහයෙන් කංසා වගා කර එම අස්වනු අපනයනය කිරීමට කටයුතු කිරීමෙන් ආර්ථීකය වර්ධනය කළ හැකි බවත් ඉන් ලැබෙන මුදල් රටේ ණය පියවීමට යොදා ගත හැකි ආකාරය පිළිබඳවත් ඇය යෝජනාවක් ඉදිරිපත් කළාය.
තවද සංචාරකයන් සඳහා රට තුළ මුදල් ආයෝජන ක්‍රමයක් ලෙස සුරා සල් රාත්‍රී 1.00 තෙක් වත් විවෘතව පැවතිය යුතු බවත් සාමාන්‍ය සුරාසල් උදෑසන 10.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබිය යුතු බවටත් පවසා සිටියි.

‍"ශ්‍රී ලංකාව ආර්ථීක පාරාදීසයක්. අද රටේ ජනතාවට දවස තිස්සේ හම්බ කරන මුදල් වියදම් කිරීමට අවස්ථාවක් නැහැ. ඒ නිසා රාත්‍රී ආර්ථීකය නමැති සංකල්පය හඳුන්වා දිය යුතුයි. මේවා රට ගොඩ දාන්න පුළුවන් ක්‍රම බව කිව යුතුයි," යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements