Featured News

Video Gossip

Advertisement


2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝබර් 4 වන දින සිට ඔක්තෝබර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (අප්‍රේල් 9) දින බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය. GL PEIRIS

එමෙන් ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වන දා පැවැත්වෙන බවත්, 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමට සැලසුම්කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා.

"කොවිඩ් ව්‍යාප්තිය නිසා පාසල් විෂය මාලා නිර්දේශය සම්පූර්ණයෙන් ම ආවරණය කිරීම අසීරු තත්ත්වයකට පත්වුණා. සාමාන්‍යයෙන් වර්ෂයකට පාසලක් ක්‍රියාත්මක වෙනවා දින 200ක්. නමුත් මේ වර්ෂයේ ක්‍රියාත්මක වුණේ දින 150ක් පමණ. එය බස්නාහිර පළාතේ දින 130ට අඩු වී ඇත. මාර්ගගත ක්‍රමයෙන් මේ අඩුව සම්පුර්ණ කරන්න බාධාවක් වුණේ අන්තර්ජාල පහසුකම් දිවයිනේ හැම ප්‍රදේශයකට ම එක ලෙස නොමැති වීම. ඒ අනුව බොහො ම පරෙස්සමින් සාකච්ඡා කරලා තීරණවලට එළඹුණා."
GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements