Featured News

Video Gossip

Advertisement

කුරුණෑගල PCR පරීක්ෂණ 97කින් කොරෝනා ආසාදිතයන් 32ක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ, තිත්තවැල්ගාල ප්‍රදේශයට මේ වන විට සංචරණ සීමා පනවා ඇතැයි කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර බස්නායක මහතා පවසයි.
පසුගිය 16 වන දා එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවූ බවත් සංචරණ සීමා ඉවත් කිරීම පිළිබඳ මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවත් ය.
ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ 97කින් කොරෝනා ආසාදිතයන් 32 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 29 දෙනෙකු ම තිත්තවැල්ගාල ප්‍රදේශයේ පුද්ගලයන් වීම හේතුවෙන් එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.


ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ලැබෙන ප්‍රතිඵල වාර්තා අනුව සංචරණ සීමා ඉවත් කිරීම පිළිබඳව තීරණය කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


මව්බිම
GOSSIP GOSSIP LANKA

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements