හොරකම මාට්ටු - දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට | Deraniyagala Pradeshiya Sabha
gossip
,
gossip lanka
,
News
,
Politics
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98 ක් ළඟ තබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
මීට පෙර දැරණියගලගල ජල සම්පාදන මණ්ඩල ගබඩාවෙන් ජල මාපක 477 ඇතුළු උපකරණ තොගයක් අතුරුදහන් වී තිබීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන ලිපිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව සිදුකරන විමර්ශනයේ දී තවත් ජල මාපක 98ක් සභාපතිවරයාගේ භාරයේ තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සභාපතිවරයා පොදු දේපල පනත යටතේ අද දිනයේ අධිකරණය ඉදිරිපත් කරන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

