Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

“දැන් මම බෙහෙත් හදන්නේ නැහැ. බෙහෙත් හදන එක නතර වුණේ මී පැණි නැති නිසා. මී පැණි හම්බ වුණත් මම ආයෙත් බෙහෙත් හදන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා. 

මම හැදුවේ ලංකාවේ කොවිඩ් නැති කරන්න. විදේශ විනිමය උපයා දෙන්න. ඒත් රටේ වැඩි පිරිසක් බෙහෙතට කෙනෙහිලිකම් කරා” යැයි ධම්මික බණ්ඩාර වෙද මහතා කලකට පසු මාධ්‍ය අමතමින් සදහන් කරයි.

මීට මාස තුනකට පමණ පෙර කෑගල්ලේ පිහිටි වෙද මහතාගේ නිවසටත්, උඩුමාගම දේවාලයටත් වැල නොකැඩි පැමිණි සෙනග අද දක්නට නොමැති අතර වෙද මහතාගේ “ධම්මික පැණිය” පිළිබඳව බොහෝ පිරිස් විවිධ මත පළ කිරීමට පටන්ගැනීමත්, වෙද මහතාගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කිරීමත් මෙන්ම කොරෝනා මඩින එන්නත මෙරටට ගෙන ඒමත් සමග එසේ වැල නොකැඩී පැමිණි ජනතාව පැණියෙන් ඈත්වන්නට පටන් ගන්නා ලදී. Dhammika Paniya

“ධම්මික පැණිය” නමින් ප්‍රසිද්ධව සිටි බණ්ඩාර වෙද මහතා මේ වන විට පැණිය නිෂ්පාදනය කිරීමට භාවිතා කළ භාජන සහ උපකරණ කෑගල්ල ඔත්නාපිටිය සිය නිවසේ පැත්තක අසුරා තිබෙන බව පෙන්වා දෙයි.

කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය ලබාදුන් කැබලි කරන යන්ත්‍රයද පසෙකට දමා තිබෙන අතර හිස් ගෑස් සිලින්ඩර තොගයක් මෙන්ම හිස් කාලේ වීදුරු බෝතල් දහස් ගණනක් ද දකින්නට ලැබෙන අතර එදා ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂකයන් මෙන්ම උදව්වට සිටි සේවකයන්ද අද එහි නැති බව වාර්තා වේ.

බෙහෙත හදන්නට ගොස් තමාට මුහුණ දීමට සිදු වූ ආර්ථික පාඩුව පිළිබඳවද අදහස් දක්වන බණ්ඩාර වෙද මහතා “බෙහෙත හදන්න මුදල් හොයන්න මම මගේ ළඟ තිබුණු වාහන හයක් වික්කා. බැතිමතුන් දුන්න මුදල්, මගෙත් එක්ක වැඩ කරපු අය රත්තරන් බඩු පවා උකස් කරලා සොයාගත් මුදල් මුලින් තමයි මේ බෙහෙත හැදුවේ. වෙන කාගෙන්වත් සල්ලි ලැබුණේ නැහැ. හැමෝම මේ බෙහෙතට අගෞරව කළා මිස කවුරුත් උදව් කළේ නැහැ.” යයිද සඳහන් කරයි.

පැණිය නිෂ්පාදන කිරීමට අවශ්‍ය සාදික්කා කැපීමට කර්මාන්ත අමාත්‍යාංශයෙන් යන්ත්‍රයක් ලැබුණා මිස ලක්ෂ 25 ක යන්ත්‍ර ලැබුණෙ නැති බව පෙන්වා දෙන වෙද මහතා සාදික්කා ප්‍රවාහනයට ශීතකරණ පහසුකම් තිබෙන කුඩා ලොරියක් සිය පුතාගේ නමින් ගත් බවත් ඒ සඳහා රු.ලක්ෂ 25 ක ණයක් ගත් අතර එය දැන් ටික ටික ගෙවන බවද සඳහන් කරයි.

“ධම්මික පැණිය” ලක්ෂ 25 ක පිරිසකට දුන් බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බෙහෙත හරියට පානය කිරීම නිසා කොවිඩ් නොවැළඳුණු බවත් පෙන්වා දෙන වෙද මහතා බෙහෙත් හදන්න අවශ්‍ය දේ ගන්න තමා අද ජීවත්ව සිටින නිවසක් විකිණීමට තීරණය කළ බවද අවධාරණය කරයි.

“ධම්මික පැණිය” දෙවියන්ගේ ඖෂධයක් බව පෙන්වා දෙන වෙද මහතා තමන් කාලි මෑණියන්ගේ ආශිර්වාදයෙන් වෛද්‍යවරුන් සුව කරන්න බැහැයි කියපු රෝගීන්ද තමා සුව කර තිබෙන බවද සඳහන් කරයි.
GOSSIP GOSSIP LANKA

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook