ලංකාව එපා වෙයි - රටේ නම වෙනස් කිරීමට යෝජනාවක් | Gossip Story
gossip
,
gossip lanka
,
News
,
Politics
,
Sri lanka
නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට භික්ෂූන් වහන්සේලා අද (03) සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.
බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටුව වෙත මෙලෙස භික්ෂූන් වහන්සේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කර තිබේ.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කළේ “අපි මහපොළව ගැන විතරක් නෙමෙයි අහස සහ මුහුද, සතා සිවුපාවා ගැනත් කරුණු ඉදිරිපත් කළා. තවත් කරුණු රැසක් ගැන කරුණු ඉදිරිපත් කළා. අපි ඉදිරියේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඒවා ඉටු නොකළොත් අපිට ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද කියලත් අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි,” යනුවෙනි.
ශ්‍රී රෝහණ පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි අදාළ යෝජනාව භාරදීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කර තිබුණි.
“මේ රටේ නම සිංහලේ විය යුතුයි කියලා තමයි මම යෝජනා කළේ. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතුයි. ඊළඟට මේ රටේ ඓතිහාසික බෙදීම රුහුණු, මායා, පිහිටි කියන බෙදීම මුල්කර ගෙන පරිපාලනයේ බෙදීමක් ඇතිකළ යුතුයි. අපේ යෝජනා සඳහා වැඩි අවධානයක් යොමු කරයි කියලා හිතනවා.”
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ද සඳහන් කළේ, “මම යෝජනා කළේ ශ්‍රී ලංකා ජනරජය කියන නම. කිසිදු ආකාරයක බලය බෙදීමක් නොවිය යුතුයි.”GOSSIP GOSSIP LANKA
මේ අතර, පළාත් සභා අහෝසි කර දිස්ත්‍රික් සංවර්ධන සභාවක් බලගැන්වීම ඇතුළු නව ව්‍යස්ථාවට ඇතුළත් වියයුතු තවත් යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් භික්ෂු සංවිධාන විසින් අද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට ඉදිරිපත් කර තිබුණි.

