Advertisement

කැරොලයින් ජූරි සහ චූලා ඇප මත මුදා හරී

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේදී පුෂ්පිකා ද සිල්වාට හිමි වූ කිරුළ දෙවන ස්ථානය හිමි කර ගත් අයිෂා බස්නායකට පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි සහ චූලපත්මේන්ද්‍ර ඇප මත මුදා හැර තිබේ.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

එහිදී පැමිණිලි පාර්ශවයේ නීතිඥයින් අධිකරණයට දැනුම් දී ඇත්තේ, මෙම සිද්ධියේදී රජයට රු. ලක්ෂ 7ක පමණ අලාභයක් සිදුව ඇති බවය.

කෙසේ වෙතත්, එම අලාභය සිදුවූ බවට සාක්ෂි සහිතව කරුණු දැක්වීමට ඔවුන් අපොහොසත් වී ඇති අතර එවැනි සාක්ෂි ඇත්නම් ඊළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා නියෝග කළේය.

මේ අතර, විත්තකරුවන්ගේ ක්‍රියාවෙන් පුෂ්පිකා ද සිල්වාට අපහාසයක් සිදුවූ බවට ද චෝදනා කර තිබිණි.

එහිදී අධිකරණය කැරොලයින් ජූරි සහ චූලා රු. 100,000ක් බැගින් වූ ඇප මත මුදා හැරිණි.

මෙම නඩුව ජූනි මස 28 වන දාට කල් තැබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements