Featured News

Video Gossip

Advertisement

මගේ ඒම්එක හොඳම නිළිය සම්මානය

‘කබඩි’ චිත‍්‍රපටයේ ‘මලිති’ නම් වූ ප‍්‍රධාන චරිතයට ජීවය මුසු කරන මෙවර සුමති සම්මාන උළෙලේ ජනප‍්‍රියතම රංගන ශිල්පිනිය වූ සෙනාලි ෆොන්සේකා සමගින් එක්ව මෙලෙස අදහස් දැක්වූවාය.

‘මලිති’ කියන්නේ ලස්සන ගැමි චරිතයක්. මම මීට පෙර කළ චරිත සමග සැසදීමේදී මේ චරිතය ලොකු වෙනසක් ඇති කළා කීවොත් එය වඩාත් නිවැරදියි. මම මීට පෙර ඓතිහාසික කතා තේමාවන් වෙනුවෙන් තමයි චරිත නිරූපණයෙහි යෙදුණේ. ‘කබඩි’ කියන්නේ වාණිජ අගයක් ගත් චිත‍්‍රපටයක්. ඒ වගේම මම චිත‍්‍රපටයක් වෙනුවෙන් නටන්න ගයන්න සහ පේ‍්‍රමණීය ජවනිකා වෙනුවෙන් පෙනී සිටියේ මුල්වරට. ඒක මට වගේම මගේ රසිකයන්ටත් වෙනස් අත්දැකීමක්.’’

වෙනස් අත්දැකීම් සමඟ ලැබෙන ප‍්‍රතිචාර මොන විදිහද....?

‘කබඩි’ කියන්නේ දමිළ චිත‍්‍රපටයක ප‍්‍රතිනිර්මාණයක්. කලින් චෝදනා ආවා අපි කරන්නේ කොපියක් කියලා. නමුත් චිත‍්‍රපටය තිරගත වීමත් සමග වූ ඒ ප‍්‍රතිචාර වෙනස් වුණා. කොහොම වුණත් මුලදී මමත් පොඩි බයකින් හිටියේ. මොකද ‘කබඩි’ දමිළ සහ හින්දි භාෂාවන්ගෙන් නිමවූ චිත‍්‍රපටවලදී ඒ චරිතය නිරූපණය කළ ක‍්‍රිෂා සහ සෝනක්ෂි’ සමග මගේ රංගනයන් සන්සන්දනය කිරීමේදී මට එය නිසියාකාරව කරන්න බැරිවෙයි කියන බය ඇතිවුණ නිසා.

නමුත් අධ්‍යක්‍ෂවරයා ඔබෙන් සාර්ථක රංගනයක් ලබා ගන්නවා.

ඔව්. මම හර්ෂ එක්ක වැඩ කළේ බොහොම සතුටින්. ඔහු තරුණ අධ්‍යක්‍ෂවරයකු නිසා මේ චිත‍්‍රපටය හොඳින් ප‍්‍රතිනිර්මාණය කළා. හර්ෂගේ ශබ්ද කෝෂයේ නෑ, බෑ, කියන දේ නැහැ. ඕනෑම අවධානමක් අරගෙන නිර්මාණය සාර්ථක කරන්න ඔහු දැරූ වෑයම ඉතාම සාර්ථක වුණා කියලා මා දුටුවා. විවාදයක් නැහැ. ඔහු අපේ රටේ තරුණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරුන් අතරේ සැබෑම දක්ෂයෙක්. මට වගේම චිත‍්‍රපටයටත් ලැබෙන ප‍්‍රතිචාරවලින් ඒ බව සනාථ වෙනවා.

කලාවට පැමිණි අරමුණ සහ ඒ පිළිබඳව කළ හැදෑරීම් ගැන යමක් සඳහන් කළොත්....

මට පුංචි කාලේ ඉඳලම රංගන ශිල්පිනියක වීමේ ආශාව තිබුණා. අද මම එක, එක චරිත රඟපානවා. නමුත් සැබෑ ජීවිතයේදී ඒ චරිත ලැබෙන්නේ නැහැනේ. බොහෝවිට මට, මම විතරයි. නමුත් අද එහෙම නෙවී. මට විවිධ චරිත සමග ජීවිතය ගෙන යා හැකිව තිබෙනවා. ඒක තමයි මම බලාපොරොත්තු වූ අත්දැකීම. මම හිතන්නේ මාව රංගනය වෙනුවෙන් ඇඳ බැඳ තබා ගන්නේ අන්න ඒ වෙනස්වූ අත්දැකීම.

මම මගේ මුල්ම චිත‍්‍රපටය වූ ‘සිරි පැරකුම්’ රංගනයේ සිට ම කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළා. රඟපානවා කියන්නේ වෙලාවකට ලොකු කට්ටක් කෑමක්. සහ දුක් විඳීමක් තමයි. නමුත් පේ‍්‍රක්ෂකයෝ ඒ දේවල් දකින්නේ නැහැ. ඔවුන් දකින්නේ අවසානයේ නිමැවුම විතරයි. ඒ කොහොම වුණත් අපේ මහන්සිය බලලා පේ‍්‍රක්ෂකයාට රස වින්දනයක් ලැබෙනවා කියන්නේ අපි සාර්ථකයි කියන එකට. මම හැඳුනේ වැඩුණේ එංගලන්තයේ. පුංචි කාලේ සිටම නිවේදන කටයුතු, ටෙලිනාට්‍ය රංගනය සහ වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියට එන්න මට අවස්ථාව ලැබුණා. සමහර අවස්ථාවලදී අධ්‍යාපනය නිසා කලාව මඟ හැරුණා. ඒ අතර කලාව හදාරන්නත් අවකාශ ලැබුණා. ඒ නිසා රංගනය පිළිබඳ එංගලන්තයේදී පුරුදු පුහුණුවීම් ලැබුවා. නමුත් මම හැම වෙලාවකම රංගනය ගැන ඉගෙන ගනිමින් සිටිනවා. ඒක වෙන්නේ කලාව තුළ ජීවත් වෙමින් ඉන්නකොට ලැබෙන අත්දැකීම් සමඟ.

චරිත වෙනුවෙන් දායකත්ව ලබා දීමේදී කරනු ලබන තෝරා බේරා ගැනීම් තිබෙනවද?

මුලින්ම තිරපිටපතට අනුව ඒ චරිතය මගේ හිතට සහ හදවතට දැනිය යුතුයි. ලැබෙන නිර්මාණයට සාධාරණයක් කිරීම වෙනුවෙන් මගේ චරිතය හේතුවක් විය යුතුවත් තිබෙනවා. මම ලස්සන නම් මට ලැබෙන චරිතයට එකම හේතුව ඒ ලස්සන විතරක් නම් මම ඒ වගේ චරිතයකට පෙනී සිටින්න සූදානම් නැහැ.

සිංහල සිනමාවේ නිළි රැුජින මාලනී ෆොන්සේකා ඔබේ ලොකු නැන්දණිය. ඇය නිසා ඔබේ ගමනට ලැබුණු විශේෂ යමක් තිබෙනවාද?

මගේ ලොකු නැන්දණිය නිසා මට විශේෂ පිළිගැනීමක් ලැබෙනවා නම් මම මීට වඩා ලොකු තැනක ඉන්න තිබුණා. නමුත් මම කැමැති මගේ අනන්‍යතාව මත යන ගමන යන්න. ලොකු නැන්දා නිසා මටත් ආදරය, ගෞරවය දක්වන පිරිසක් ඉන්නවා. ඒ වගේම අපේ කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ට මම දුවක් වගේ. කොහොම වුණත් මම කැමැති මගේම ගමනක් යහපත් විදිහට මේ කලාව ඇතුළේ අරගෙන යන්න. මට ලොකු නැන්දා ගුරුහරුකම් ලබා දෙනවා.

එය මම ගෞරයෙන් අගය කරනවා. ඒ වගේම මම මුල්වරට මගේ ලොකු නැන්දණිය සමග පුංචි තිරයේ නිර්මාණයක් වෙනුවෙන් රංගගත වෙනවා. ඒ ටෙලි නාටකයේ වැඩ නුදුරේදීම ඇරඹෙනවා.

පේ‍්‍රමය, විවාහය... පිළිබඳව ඔබේ අදහස්.

පේ‍්‍රමය සහ විවාහය දෙකම ජීවිතයට අවශ්‍යයයි. විවාහයට වඩා හොඳ සහකරුවෙක් අවශ්‍යයයි. නමුත් මම ආදරය පසු පස දුවන්නියක් නෙවී. මට එයට ලොකු හදිසියකුත් නැහැ. හැබැයි ලැබෙන්නට දෙයක් තියනවා නම්, එය නිසැකව ම ලැබෙන බවත් දන්නවා.

ඔබේ පවුලේ තොරතුරු.

දැන් ඉන්නේ අම්මයි මමයි. මම පවුලේ එකම දරුවා. Senali Fonseka

සුජීව තත්සර
දිවයින
GOSSIP GOSSIP LANKA hot news news lanka

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements