Featured News

Video Gossip

Advertisement

මෙවර සිංහල අවුරුද්දේ නැකැත් සීට්ටුව මෙන්න

අලූත් අවුරුදු උදාව:-

අපේ‍්‍රල් මස 14 වන බදාදා පූර්වභාග 02.33 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය:-

අපේ‍්‍රල් මස 13 වන අඟහරුවාදා අපරභාග 08 පසුවී විනාඩි 09 සිට පසු දින එනම් 14 බදාදා පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පුණ්‍යකාලය බැවින් අපේ‍්‍රල් මස 13 වන අඟහරුවාදා අපරභාග 08.09 ට පළමුව ආහාරපාන ගෙන සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍යකාලයේ අපර කොටස තුළ එනම් අපේ‍්‍රල් මස 14 වන බදාදා පූර්වභාග 02 පසුවී විනාඩි 33 සිට එදිනම පූර්වභාග 08 පසුවී විනාඩි 57 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත‍්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහාර පිසීම:-

අපේ‍්‍රල් මස 14 වැනි බදාදා පූර්ව භාග 06.17 ට

ලා කොල පැහැති (පළාවන්) වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා එළකිරි මිශ‍්‍ර කිරිබතක් ද මුං ඇට මිශ‍්‍ර කැවිලිවර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය:-

අපේ‍්‍රල් මස 14 වැනි බදාදා පූර්ව භාග 07.41 ට ලා කොළ පැහැති (පලාවන්) වස්ත‍්‍රාභරණයෙන් සැරසී නැෙඟනහිර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements