Advertisement

සහරාන්ලා දිවුරන හැටි ලොව පුරා ප්‍රචාරය කළ  දෙදෙනෙක් අත්අඩංගුවට

තවුහිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ නායකයා වූ මොහොමඞ් සහරාන් ඇතුළු ත‍්‍රස්තවාදීන් පිරිස මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාව එල්ල කිරීමට පෙර ඒ සඳහා දිවුරුම් දුන් අවස්ථාව ඇතුළත් ඡුායාරූප අන්තර් ජාලය ඔස්සේ ලොව පුරා ප‍්‍රචාරය කළ බව කියන එම සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු ඇතුළු සිය දෙනකු ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මගින් පෙරේදා (31) අත්අඩංගුවට ගෙන ඇත.

සහරාන් ඇතුළු ත‍්‍රස්තවාදීන් පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාව එල්ල කර පැය තුනක් ගත වීමට පෙර මෙම සැකකරු විසින් අදාළ ඡුායාරූප අන්තර් ජාලය ඔස්සේ ලොව පුරා ප‍්‍රචාරය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ. කළු පැහැති ඇඳුමින් සැරසී හිස් පළඳනා සහිතව සහරාන් ඇතුළු ත‍්‍රස්තයන් ආයුධ සන්නද්ධව දිවුරුම් දුන් අවස්ථාව සහිත ඡුායාරූප ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්විය. zahran hashim

අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය පවා මුලින්ම මෙම ප‍්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන එය තම සංවිධානයේ අනුදැනුම මත සිදුවූවක් බව ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සැකකරු විසින් ජාත්‍යන්තර වශයෙන් කළ ප‍්‍රචාරයට අනූව බවද පොලිසිය පවසයි.

මෙම සැකකරු වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු සහරාන් ඇතුළු ත‍්‍රස්තයන් ප‍්‍රහාරය එල්ල කිරීමට පෙර දිවුරුම් දුන් අවස්ථාව දැක්වෙන ඡුායාරූප සහ තවත් ඡුායාරූප රැුසක් අන්තර් ජාලය ඔස්සේ ප‍්‍රචාරය කර ඇති අතර ඒ සියලූ ඡුායාරූප සහ ඒවා ප‍්‍රචාරය කරනු ලැබූ ස්ථාන මෙන්ම ඒ සඳහා පාවිච්චි කරන ලද උපකරණ පවා ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් සොයාගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු තිහාරිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර මොහොමඞ් සහරාන්ගේ දේශන පිළිබඳව අන්තර් ජාලය ඔස්සේ ප‍්‍රචාරයක් ලබාදුන් තවත් සැකකරුවන් දෙදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
හේමන්ත රන්දුණු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements