Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

කේෂත්‍රයට ඇවිත් වසර 9යි. 
ඒත් රඟපෑවේ ටෙලිනාට්‍ය 4ක විතරයි

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ “සිහිනි” ටෙලිනාට්‍යයේ “සිහිනි” ලෙසින් සැමගේ සිත් වසඟ කර ගත් ශෙහානි කහඳවල කාලයකදී සැමගේ ම කතා බහට ලක්වන, තවත් කාලයකදී අතුරුදන් වන තාරකාවක් ලෙස ප්‍රසිද්ධය.

ඇය සමග කළ කතාබහකි මේ.

කොහොම ද මේ දවස්වල වැඩ කටයුතු?

ගෙදර අයත් එක්ක වැඩි කාලයක් ගත කරනවා. ඒ වගේ ම නව ව්‍යාපෘතියක වැඩ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. සිහිනි ටෙලි නාට්‍යයෙන් පසුව අලුත් වැඩ භාර ගත්තේ නැහැ.

කලාවට පිවිසෙන්නෙ කොහොම ද?

මං කලාවට පිවිසුණේ 2013දී. මුලින් ම දෙරණ නාළිකාවේ නිවේදන කටයුතු වසරක පමණ කාලයක් සිදු කළා. 2015 දී දෙරණ නාළිකාවෙන් ම චාමර ජනරාජ් පීරිස්ගේ ඇසිඩ් නාට්‍යයට මට ආරාධනා ලැබුණා.

ඇසිඩ් නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසුව සිරස නාළිකාවේ සුජාතා නාට්‍යයට සම්බන්ධ වුණා.

රංගනය ගැන යම් හැදෑරීමක් කරලා තියෙනව ද? Shehani Kahandawala

මං රඟපාන චරිත තුළින් ලබන අත්දැකීම් මත රංගනය පිළිබඳ යම් දැනුමක් ලබනවා. මගේ පවුල රංගනයට සම්බන්ධ නොවුණත් කලාවට ළැදි පවුලක්. ඒ ආභාසයත් මගෙ රංගන ජීවිතයට පිටිවහලක් වන්නට ඇති.

වෘත්තීයමය රංගන ශිල්පිනියක වීමට රංගන ආභාසය පමණක් ප්‍රමාණවත් කියා විශ්වාස කරනවා ද?

කොහෙත් ම නැහැ. අනිවාර්යයෙන් ම රංගනය පිළිබඳ හැදෑරීමක් අත්‍යවශ්‍යයි. ලංකාවේ ටෙලි නාට්‍යයකට, චිත්‍රපටයකට හෝ ඕනෑ ම නිර්මාණයකට ආරාධනා කරන්නේ සතියක් හෝ සති දෙකක් වැනි අඩු කාලයකට ඉහතදීයි. ඒ නිසා එම චරිතය පිළිබඳ අධ්‍යයනය කරන්න වගේ ම ඒ වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අවකාශයක් නැහැ. ඒ නිසයි රංගන පාසල්වලට ගිහින් එහි සහතික ලබලා ඉගෙන ගන්න අවශ්‍ය. නැත්නම් රංගනය ප්‍රායෝගිකව අධ්‍යයනය කළ හැකි විෂයක්. බොහෝ රටවල රංගන පාසල් පවතිනවා වගේ ම එයින් බොහොමයක් දෙනා අධ්‍යාපනය ලබනවා. නමුත් මං පෞද්ගලිකව විශ්වාස කරනවා යම් නිර්මාණයක් භාර ගන්නවා නම් ඒ චරිතය හොඳින් අධ්‍යයනය කරලා කැපවීමෙන් කිරීමට හැකියාව තියෙනවා නම් ඒ චරිතයට සියයට සියයක් සාධාරණය ඉෂ්ට කළ හැකියි කියලා.

ඉදිරියේදී මගෙත් ලොකු කැමැත්තක් තියෙනවා පුළුල්ව රංගනය හදාරන්න.

ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිනියක් ද?

ඔව්...... අනිවාර්යයෙන් ම.

රංගන කටයුතුවලදී ප්‍රවීණයන්ගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක් ද?

ප්‍රවීණයන්ගේ සැලකීම හා සහයෝගය ලැබීමට අපගේ පෞරුෂය වගේ ම අනිත් අය සමග අප ගනුදෙනු කරන ආකාරය වඩාත් වැදගත් වෙනවා. බොහෝ නිර්මාණවලදී ප්‍රවීණයන්ගේ උපරිම සහයෝගය මට ලැබුණා වගේ ම ඒ දිරිගැන්වීම්වලින් රංගන ජීවිතයට ලොකු පන්නරයක් ලැබුණා. මං ගොඩක් වාසනාවන්තයි මට හොඳ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා සහ කවදාවත් කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න නොලැබුණු නිසා.

රංගන කටයුතු නිසා නිවේදනය සම්පූර්ණයෙන් ම අතහැරුණා නේද?

ඔව්....... නමුත් මට දුකක් නැහැ. නිවේදනයට වඩා රංගනයෙන් මගෙ ජීවිතයට බොහොමයක් දේවල් ලැබුණා. ඒත් අදටත් නිවේදනයට ආරාධනා ලැබුණොත් මම භාර ගන්නවා.

මෙතෙක් රඟපාන්න නොහැකි වුණු නමුත් රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් හොඳයි කියලා හිතෙන චරිතයක් තියෙනව ද?

මං ගොඩක් කැමැතියි ගැමි තරුණියකගේ චරිතයකට පණ පොවන්න. ඒ වගේ ම බ්ලැක් ඩ්‍රාමා එකක රඟපෑමත් මගේ තවත් හීනයක්.

ලැබෙන පිටපත අනුව මට පෙරළියක් කරන්න පුළුවන් ඕනෑ ම චරිතයක් කරන්න මං කැමැතියි.

ශෙහානි කහඳවල කියන්නේ ටී.වී. ෆ්‍රේම් එකේ එක කාලෙකදී හිට් වෙන කාලෙකදී අතුරුදන් වෙන කෙනෙක් කියලා කිව්වොත්?

ඔව්. ඒ කතාව ඇත්ත. මං හිතන් නෑ මොකක් හරි ගොසිප් එකකින් හෝ නිර්මාණයක් තුළින් හෝ පුංචි තිරයේ නිතර ම මගේ මූණ පේන්න තියෙන්න අවශ්‍යයි කියලා. මිනිස්සුන්ට මතක හිටින නිර්මාණයකට දායක වෙලා ඔවුන්ගේ සිත්වල දීර්ඝකාලීනව රැඳෙන්න පුළුවන් වීමත් ලොකු ආශීර්වාදයක්. මං කලාවට සම්බන්ධ වෙලා වසර 9ක් ගත වුණත් තවම මං රංගනයෙන් දායක වෙලා තියෙන්නේ ටෙලි නාට්‍යය 4කට විතරයි.

බොහොමයක් තරුණ කලාකරුවන්ව සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවට පත් කරන රැල්ලක් මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන දක්වන අදහස මොකක් ද?

කෙනෙක් පබ්ලික් අයිකන් එකක් වීම තුළ ම ප්‍රශංසා, උපහාසවලට මුහුණ දෙන්න ශක්තිය ගොඩනගා ගන්න අවශ්‍යයි. එකිනෙකාගේ රුචිකත්වයන් වෙනස්. ඒ නිසා අපි යටත් කරන කොට ඉන් සමස්තය ම සතුටු වෙයි කියලා විශ්වාස කරන්න අපහසුයි. ඒ නිසා කවුරුත් කාටවත් ඕන විධියට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. කවුරුත් කියන ඒවා හිතට ගන්නත් අවශ්‍ය නැහැ.

පවුලේ විස්තර කොහොම ද?

මං පවුලේ එක ම දරුවා. අම්මයි තාත්තයි මායි අපේ පවුලේ ඉන්නෙ........

ශෙහානි පෙම්වතියක් ද?

ඔව්.

එයා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් ද?

එයා ගැන විස්තර මං ඉදිරියේදී කියන්නම්.

හදගැස්ම 
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook