කොරෝනා එන්ත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ගත්තොත් අතුරු ආබාධ වාර්තා වීමේ ප්‍රතිශතය වැඩියි - ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂනයකින් හෙලිවෙයි
covid vaccine
,
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
කොරෝනා එන්නත් මාත්‍රා දෙක එන්නත් වර්ග දෙකකින් ලබා දීමෙන් සමාන මාත්‍රා ලබා ගැනීමට වඩා වැඩි අතුරු ආබාධ ඇති වීමේ ප්‍රතිශතය වැඩි බවට පර්යේෂණයකින් හෙළි වී තිබේ.
මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆසිසර් එන්නත් මාත්‍රා දෙකේදී ලබා දෙමිනි.
කෙසේ වෙතත්, මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇති පරිදි වැඩිහිටියන්ට සුළු සහ මධ්‍යම අතුරු ආබාධ ඇති වූ බවය.
මෙම මාත්‍රා එන්නත් දෙවර්ගයකින් ලබා ගත් පුද්ගලයින්ට, අධික ශීතල, හිසරදය සහ මස් පිඩු වේදනාව වැනි තත්ත්වයන් බහුලව සිදුව තිබේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වයන් කෙටි කාලීනව පැවති අතර වෙනත් සෞඛ්‍ය ගැටලු මතු වී නැතැයි පර්යේෂකයෝ පවසති.
මෙම පර්යේෂණය ආරම්භ කර තිබුණේ, පසුගිය පෙබරවාරි මාසයේදීය. යම් හෙයකින් එන්නත් වර්ග රටවල්වලට ලැබීමේදී ගැටලු මතු වුවහොත් දෙවන මාත්‍රාව වෙනත් එන්නත් වර්ගයකින් ලබා දීම කළ හැකි ද? යන්න සොයා බැලීම සඳහා මෙම පර්යේෂණය ආරම්භ කළේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රධානත්වයෙනි.
මේ සඳහා වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් 830 දෙනෙකු සහභාගි කරගෙන තිබේ.
පහත දැක්වෙන ප්‍රස්ථාරවලින් පෙනී යන්නේ සමාන මාත්‍රා දෙක ලබා ගත් පුද්ගලයින්ට වඩා මිශ්‍ර මාත්‍රා ලබා ගත් පුද්ගලයින්ට අතුරු ආබාධ ඇති වීමේ ප්‍රතිශතය මඳ වශයෙන් ඉහළ අගයක් ගන්නා බවය.




