Advertisement

කොවිඩ්-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව ගත් විශේෂ තීරණ

ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන කොරෝනාවෛරසය හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීමට කොවිඩ්-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව තීන්දු තීරණ කිහිපයක් රැගෙන තිබේ.

ඒ, අද (මැයි 10) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන සමාලෝචන කමිටුවේ විශේෂ රැස්වීමකදී ය.

එහිදී පහත සඳහන් තීරණ ගනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

*කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබා දෙමින් අනෙකුත් දිස්ත්‍රික්කවල ද කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ශක්තිමත් කිරීම.

*ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කිරීම.

*දිස්ත්‍රික්ක මට්ටමින් රසායනාගාර වැඩි කිරිම තුළින් PCR පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීම සහ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම.

*දැනට පරීක්ෂණ කටයුතු සඳහා එකතු වී ඇති සම්පල පරීක්ෂණ වාර්තා කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කිරීම.

*PCR පරීක්ෂණවලට භාජනය වන පුද්ගලයින් නිවෙස්වලින් බැහැරට යාම වැළැක්වීම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරිම.

*මේ වන විට සැකසෙමින් පවතින ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු අනෙකුත් පහසුකම් කඩිනමින් ලබා දීම සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ඉතාමත් කඩිනමින් මිල දී ගෙන මධ්‍යස්ථාන වෙත ලබා දීම.

තව ද PCR රසායනාගාර දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරීම සහ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කොවිඩ් අරමුදල මගින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළාය.

මීට අමතරව කොවිඩ් තාක්ෂණ කමිටුව අද දින රැස් වී තවදුරටත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගෙන එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍යංශ නිලධාරීන්ට දැනුම් දී ඇත.
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements