Advertisement


ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අමාත්‍ය අනු කමිටුව වෙත යෝජනා කර තිබේ.

බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර හා උදය ගම්මන්පිල ඇමතිවරුන්ගෙන් සමන්විත අමාත්‍ය අනුකමිටුව විසින් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ලිට්රෝ ගෑස් සහ ආයතනයේ රුපියල් 600කින් සහ ලාෆ් ගෑස් සමාගම රැපියල් 700කින් තම සිලින්ඩර මිල ඉහළ නැංවිය යුතු බවට යෝජනා කර තිබිණි.

කෙසේ වෙතත් ජනතාව නදංරැුතයෙන් පීඩා විදින මේ අවස්ථාවේ ගෑස් මිල වැඩි කළ නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ඒ නිසා විකල්ප ක්‍රම හඳුන්වා දෙන්නයි අමාත්‍ය අනුකමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය හා සමාගම් දෙකට දැනුම් දී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements